ඩග්ලස් දේවානන්ද ඇතුළු 08 කට සිතාසි
ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද ඇතුළු සාක්ෂිකරුවන් 08 දෙනෙකුට එළැඹෙන ජනවාරි 18 වැනි දා චෙන්නායි අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි ...
https://www.sathhanda.com/2015/12/08.html
ඔහු ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් 1986 වසරේ දී දිපවාලී උත්සවයක් අතරතුර චෙන්නායි වැසියන්ට වෙඩි තබා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෙන්නායි අධිකරණයේ නඩුවක් විභාග වේ.
මීට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ භාරයේ රඳවා සිටි අතර ඇප මත නිදහස් කර තිබේ. ඇප ලැබුණු ඇතැම් සැකකරුවන් පළාගොස් සැඟ ව සිටින බව ද චෙන්නායි පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව නඩු විභාගය දෙකට බෙදා ඩග්ලස් දේවානන්දට වෙනම නඩු විභාගයක් ද මේ වනවිට අතුරුදන් ව සිටින සැකකරුවන්ට වෙනම නඩු විභාගයක් ද පවත්වන ලෙස නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.


Related