15 දා පුද්ගලික දීපව්‍යාප්ත බස් වර්ජනයක්
දෙසැම්බර් මස 15 වන දින දීපව්‍යාප්ත බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු ව...

https://www.sathhanda.com/2015/12/15.html
දෙසැම්බර් මස 15 වන දින දීපව්‍යාප්ත බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අයවැය මගින් බස් කර්මාන්තයට පනවා ඇති නව බදු හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණපා සිටින බවයි.
කඩිනමින් මෙම ගැටළුවලට රජය විසඳුම් ලබානොදුනහොත් දෙසැම්බර් මස 15 වන දින දිවයිනපුරා පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගැමුණු විජේරත්න සඳහන් කළේය.
මේ අතර ඉදිරි සති දෙක ඇතුළත දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවීමට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ එකමුතුව ද තීරණය කර තිබේ.
එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටියෙ මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයාගේ සහන කප්පාදු කිරීමට එරෙහිව මෙම වැඩවර්ජනය දියත් කිරීමට තීරණය කළ බවයි.
Related