ජහපාලනය 90%ට ලීසිං කිවුව්වට නැවත 70% යි - මහබැංකුව කියයි
ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේ දී ණය ලබාගැනීමේ පහසුකම තක්සේරු වටිනාකමින් 70% දක්වා වු සීමාව අද දිනයේ සිට ක්‍රියාත්මක කර තිබේ. ශ්‍රී ල...

https://www.sathhanda.com/2015/12/90-70_1.html
ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේ දී ණය ලබාගැනීමේ පහසුකම තක්සේරු වටිනාකමින් 70% දක්වා වු සීමාව අද දිනයේ සිට ක්‍රියාත්මක කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේ මෙතෙක් තක්සේරු වටිනාකමින් 90% ක ප්‍රතිශතයක්ව තිබු ණය ලබාදීම අද දිනයේ සිට 70% දක්වා සීමා කරන බවයි. වාහනයක තක්සේරු වටිනාකමින් 100% ණය පහසුකම් ලබාදිම අත්හිටුවමින් පසුගිය සැප්තැම්බර් 14 වනදා සිට 70% ක ණය පහසුකම් ලබාදිය යුතු බව රජය නිවේදනය කර තිබිණි. ඊට එල්ල වූ විරෝධය හේතුවෙන් 90%ක ප්‍රතිශතයක් දක්වා ණය පහසුකම් ලබාගත හැකි පරිදි චක්‍රලේඛයක් නිකුත් කර තිබූ අතර එය ඊයේ දිනයෙන් අවලංගු විය. රජය ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය පිළිබඳ කනගාටුව පල කරන බව වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති අසංක අතපත්තු මහතා කියා සිටියේ මෙම ක්‍රියාමර්ගය හේතුවෙන් වාහන ව්‍යාපාරය බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බවයි.
Related