'ඇඳුම් නැතිව පාරේ යන්නද ඉල්ලන්නේ'
දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි බව ජනාධ...

https://www.sathhanda.com/2015/12/blog-post_110.html
දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අද (29) පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ශිල්ප 2014 ජාතික හස්ත කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
එහිදී ‘දේශීය දේ අගය කරන්නැයි පැවසීම නිසා මට දිගට හරහට පහර දෙනවා. අන්තර්ජාලයෙන් මා පට්ට ගහනවා. පොඩි පට්ටම් කරනවා. මම කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්. අපේ හැදියාව සැකැස්ම හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ.‘ යනුවෙන්ද පැවසුවා.
තවද, තමාට මඩ ප්‍රහාර එල්ල කරනා පුද්ගලයින් ඉල්ලා සිටිනුයේ ඇඳුම් නැතිව පාරේ යන්නද යන්න තමන් ප්‍රශ්න කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
මෙම ක්‍රියා මගින් මෙරටේ සංස්කෘතිය කොයිතරම් නම් අඩු තක්සේරුවකට ලක්වෙනවාද යන්න තමන් විසින් අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න නගන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් එම අවස්ථාවේදී සඳහන් කළා.

Related