අංගම්පොර පෙම්වතා, විදෙස්‌ගත පෙම්වතා සහ දික්‌කසාදය ගැන උදාරි කියන කතාව
උදාරි වර්ණකුලසූරීය කිව්වහම කවුද නොදන්නේ. මෙයා රඟපෑ චරිතවලට වඩා මෙයාගේ ජීවිතයේ ඇතුළාන්තය තමයි, ගොඩක් දෙනෙක් සොයාබලන්නේ. පසුගිය කාලයේ උදාරි...
https://www.sathhanda.com/2015/12/blog-post_131.html
මිසිස් ග්ලෝබල් වෙන්න චීනෙට ගිය ගමන හරි ගියේ නැහැ නේද?
මට ඕන වුණේ රටේ අනන්‍යතාව ලෝකයා ඉදිරියේ පෙන්නන්න. ඒ අරමුණ සාර්ථකව ඉටුවුණා කියල හිතනවා.
ලංකාවෙන් ගියේ කිරුළ ගේනවාමයි කියලා?
කිසි තැනක එහෙම කිව්වේ නැහැ. නමුත් කිරුළ ලබාගන්න උත්සාහ කරනවා කියල නම් කිව්වා.
ඒ උත්සාහය සඵල වුණේ නැහැ?
එහෙම නොවුණ කියලා කිසිම දුකක් නැහැ. රංගන කටයුතුවලින් පවා ඈත්වෙලා මේ ඉවෙන්ට් එක වෙනුවෙන් මම පුළුවන් උපරිමය කළා. ඒ නිසයි රටවල් 62 ක තරගකාරියන් අතරින් සෙලිබ්‍රෙට් ඔෆ් ද ඉයර් තරග අංශයට හිමි කිරුළ පළඳින්න මට හැකිවුණේ.
මේ තරගය ගැන ඔබ විශාල හඬක් නැඟුවා. නමුත් හෙŒ තරමට වැඩ නැහැ නේද?
මම කවදාවත් කිසිම දෙයක් ගැන පම්පෝරි ගහන චරිතයක් නෙමෙයි.
පසුගිය කාලේ අංගම් පොර එහෙම ඉගෙනගත්තා?
සංජය නිර්මාල්ගේ 'ඉරා' චිත්‍රපටය වෙනුවෙනුත්, බිනරමලී ටෙලිනාට්‍යයේ චරිතය නිසාත් අංගම්පොර ඉගෙනගන්න සිද්ධවුණා.
දැන් අංගම්පොර පන්ති කරනවා කියන්නේ ඇත්තද?
මූලික හැදෑරීම් කරද්දී විෂය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්න ආස හිතුණ නිසා මගේ ගුරුන්නාන්සේ අජන්ත මහන්තආරච්චි යටතේ දිගටම අංගම්පොර ඉගෙන ගත්තා. ගුරුන්නාන්සෙගෙ කණ්‌ඩායමත් එක්‌ක වැඩමුළුවලට සම්බන්ධ වෙනවා.
පන්ති කරන්න තරම් දැනුමක් තියෙනවද?
පන්ති කරන්නේ නැහැ. ආත්ම ආරක්‍ෂ වැඩමුළුවලට සම්බන්ධ වෙමින් මම ලබාගත්ත දැනුම තවත් පිරිසකට බෙදා දෙනවා.
අපිට ආරංචියි අංගම්පොර අතරේ ආදර පටලැවිල්ලකුත් පටන් අරගෙන කියලා.
ඔහොම කතාවක් මටත් ආරංචි වුණා. මම නොදැනුවත්වම එහෙම දෙයක් වුණේ කොහොමද කියලා තමයි මමත් මේ හොයන්නේ.
එතකොට මේවා කහනවට කියන කතාද?
වෙන්න ඇති ඵල ඇති රුකට නේ ගල් ගහන්නේ. මේ වගේ කතා පතුරවලා කීයක් හරි හම්බ කරගෙන කවුරු හරි කාලා ඇඳලා ජීවත් වෙනව නම් ඒක ලොකු පිනක්.
විවාහ ජීවිතය ගැන කලකිරිලා කියලත් ආරංචියි.
පසුගිය පහළොස්‌වැනිදාට මමයි සුජිතුයි බැඳලා අවුරුදු හතක් වෙනවා. මමයි සුජිතුයි අපේ එකම දූ පැටියත් එක්‌ක හරිම සතුටින් ජීවත් වෙනවා.
ඒ කියන්නේ දික්‌කසාද කතාව බොරුවක්?
ඒක බොරුවක්. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ.
ඒත් ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ?
ඔය ගොසිප් කතා ඔක්‌කොම පැතිරෙන්නේ ජනප්‍රියත්වය නිසයි. ගෙදර උළුවස්‌සෙන් ඇතුළට ඔය එක කතාවක් මම ගේන්නේ නැහැ.
මේ කතා ගැන සැමියාගේ අදහස?
මගේ සැමියා බුද්ධිමත්. ඔහු වෛද්‍යවරයෙක්. මේ වගේ කතා පැතිරෙන හැම අවස්‌ථාවකදීම සුජිත් මට කියන්නේ වැඩක් නැති අය රට පුරා පතුරුවන කටකතා ඔයා ගණන් ගන්න එපා කියලයි.
විදෙස්‌ගත පෙම්වතෙක් ඉන්නවා කියලා කතාවක් පැතිරෙනවා?
ඔව් ඉන්නවා ඒ මගේ සැමියා සුජිත්.
සැමියා ළඟදි ලංකාවට ආවේ නැද්ද?
හැම සති අන්තයකම සුජිත් ලංකාවට එනවා. මගෙයි දුවගෙයි සැපදුක් බලන්න.
උදාරි සිංගප්පූරුවල පදිංචියට යන්න බලාපොරොත්තුවක් නැද්ද?
මගෙ දුව හම්බවුණෙත් සිංගප්පූරුවේ. අවුරුදු දෙකක් විතර ඉඳලා තමයි ලංකාවට ආවේ. පදිංචියට යන්න නම් හිතලා නැහැ.
උදාරි ඉන්නේ කා එක්‌කද?
දුවයි මමයි මගෙ තාත්තා එක්‌ක ඉන්නවා.
උදාරිගේ ජීවිතේ ගොසිප්වලින් පිරිලා නේද?
වෙන්න ඇති. බුද්ධිමත් මිනිස්‌සු ගොසිප්a විශ්වාස කරන්නේ නැහැ නේ. ගොසිප් කියන්නේ කාටහරි අපහාස කරන එක නේ. මගේ ජීවිතේ කවුරුත් නොදන්න දෙයක් තියෙනවා.
ඒ මොකක්‌ද?
මම ළමා මනෝ වෛද්‍යවරියක්.
ඔබ ඒ බවක් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර නැහැ.
ළමා මනෝ වෛද්‍යවරියක් හැටියට අධ්‍යාපනය හදාරලා ඩිප්ලෝමාධාරිනියක් වුණාට මගේ සැමියා කැමැති වුණේ නැහැ මම ෆීල්ඩ් එකේ යනවට.
ඇයි ඒ?
විවාහ වෙන්න කලින් ඉඳලම සුජිත් තීරණයක හිsටියා අපි දෙන්නම රැකියා කළොත් අපේ දරුවෝ බලාගන්න කවුරුත් නැති වෙයි. පවුල් ජීවිතේ ප්‍රශ්න ඇතිවෙයි කියලා. ඒ නිසා සැමියගෙ තීරණයට මම ගරු කළා.
ලබාගත් දැනුම ප්‍රයෝජනයට නොගැනීම අපරාධයක් නොවෙයිද?
පවුල් ජීවිතේ යහපත වෙනුවෙන් ඒ කැපකිරීම කළා.
ඔක්‌කොම කතා කලා රංගනය ගැන කතා කළේ නැහැ?
පසුගිය කාලෙ නම් මිසිස් ග්ලෝබල් තරගාවලිය නිසා තාවකාලිකව රංගනයෙන් ඈත් වුණා. නමුත් ප්‍රියන්ත කොළඹගේගේ "ආදරණීය කතාවක්" චිත්‍රපටය ළඟදී තිරගත වීමට නියමිතයි. ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තියෙනවා.
දැන් ඉතින් උදාරිගේ කාලේ ඉවරයි කියලා හිතෙන්නේ නැද්ද?
මම යමක් කියනවට වඩා ඒකට හොඳම උත්තරේ තමයි වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය මට ලැබීම. කාලේ ඉවරයි නම් ඒ වගේ සම්මානයක් ලැබෙන්නේ නැහැ නේ.
ඒ කියන්නේ පෙම්වතියගේ චරිතයට උදාරි තවමත් සුදුසුයි කියන එකද?
ඒක මම නෙමෙයි මට ආරාධනා කරන අධ්‍යක්‍ෂවරයාගේ කැමැත්ත අනුව තමයි තීරණය වෙන්නේ.
ලක්‌මිණි අතුකෝරල


Related