ෆොන්සේකාටත් රිංගන්න අනුමැතිය, ඇමති කමකුත් දීමට එකඟතාව

සරත් ෆොන්සේකා ශ්‍රිලනිපයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කොට පාර්ලිමේන්තුවට යැවිම සදහා කටයුතු යොදා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කොට සිට...

සරත් ෆොන්සේකා ශ්‍රිලනිපයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කොට පාර්ලිමේන්තුවට යැවිම සදහා කටයුතු යොදා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කොට සිටී . මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (19) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පවත්වූ බව අප මින් පෙර වාර්තා කලා.

කෙසේ නමුත් එළඹෙන ආණ්ඩුවෙහි ප්‍රධාන ඇමැති ධූරයක් හෝ නියෝජ්‍ය ඇමැති ධූරයක් ඔහු වෙත ප්‍රදානය කරනු ඇති බවට තොරතුරු වාර්තා කරන අතර මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉහල නිලධාරීන් හා දිස්ත්‍රික් නායකයින් දැනුවත් කිරිමක් අද (20) කොට්ටේ සෝලිස් හෝටලයේදී පවත්වා ඇත.

මේ අතර සරත් ෆොන්සේකා හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර වන සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වී ඇති අතර එහිදීද පත්වන ආණ්ඩුවෙහි යම් තනතුරක් ඔහු වෙත ලබා දීම සදහා කරුණු සාකච්ඡා වී ඇතැයි වාර්තාවේ.

පෙර පුවත්:
ෆොන්සේකාටත් ආණ්ඩුවට එකතු වෙන්න ඕනෑලු - ජනපති සමග සාකච්චාවක්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. 'පැරදුනා නම් ගෙදර ඉන්න ඔිනා' කිව්වෙ මුන් නේද? මෙහෙමත් ලැජ්ජ නැති යක්කු.

    ReplyDelete
  2. 'පැරදුනා නම් ගෙදර ඉන්න ඔිනා' කිව්වෙ මුන් නේද? මෙහෙමත් ලැජ්ජ නැති යක්කු.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 4201894339286330446

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item