වෛද්‍යවරුන්ගේ සාකච්ඡා අසාර්ථකයි
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය නලි...

https://www.sathhanda.com/2015/12/blog-post_31.html
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රීය වනතෙක් පැය 03කට අධික කාලයක් මෙම සාකච්ඡාව පැවති බවයි.
එහිදී තම මූලික ගැටළු සඳහා පිළිත හැකි විසඳුමක් නොලැබුණු බවත්, එක් ගැටළුවක් පමණක් විසඳුණු බවත් ඔහු සඳහන් කළේය.
වෛද්‍යවරුන්ගේ දුරකථන දීමනාවට අදාළව පැවති ගැටළුකාරී තත්ත්වය සමථයකට පත්කරනු පිණිස අමාත්‍යවරයා ඒ මොහොතේම සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයාට උපදෙස් ලබාදුන්නු බවත්, ඒ අනුව දුරකථන දීමනාව පෙර පරිදි ගැටළුවකින් තොරව ලැබෙනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් වෛද්‍යවරුන්ට ලැබුණු වාහන පර්මිට් එක වෙනුවට රු. මිලියනයක් ලබාදීමේ තීරණය පිළිබඳ අමාත්‍යවරයා දිගින් දිගටම කරුණු දැක්වුව නමුත් වෛද්‍යවරුන්ගේ මතය වූයේ වාහන පර්මිට් එකේ වටිනාකම රු.මිලියනයකින් පූර්ණ කළ නොහැකි බව යැයි ඔහු පෙන්වා දුන්නේය.
ඒ නිසාම වෛද්‍යවරුන් රජයේ මිලියනයක දීමනාවට එකඟ නැති බවත්, වාහන පර්මිට් එක පෙර පරිදි ලබාදීම කළ යුතු බව බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Related