කුසල් ඹෟෂධ ගත් හේතුව
කුසල් ජනිත් පෙරේරා භාවිත කර ඇති ඖෂධය, අන්තර්ජාතික ක‍්‍රිිකට් කවුන්සිලය විසින් තහනම් කරනු ලැබ ඇති ඖෂධයක් විය නොහැකි බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට්...

https://www.sathhanda.com/2015/12/blog-post_33.html
ඔහු කියා සිටියේ පාදයේ ඇතිවූ තුවාලයක් සඳහා කුසල් මෙම ඖෂධය ලබාගෙන ඇති බවයි. කුසල් ලබා ගෙන ඇති ඖෂධය තුළ තහනම් සංඝටක ඇතුළත්ව තිබූ බවට ඔහු නොදැනුවත්ව සිටින්නට ඇති බවයි ජෙරම් ජයරත්න කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසුවේ කුසල්ගේ පාදයක් කූඩැල්ලෙකු විසින් සපා කෑම හේතුවෙන් මෙම ඖෂධය ලබා ගෙන ඇති බවයි.
එහෙත් කුමන කාලවකවානුවකදී ඔහු මෙම ඖෂධය ලබාගෙන ඇත්දැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරනය වී නැහැ. මේවන විට නවසීලන්තයට ගොස් සිටින කුසල් දිවයිනට පැමිණි වහාම ඔහු ලබා ගත් ඖෂධ සහ ආහාර පාන සම්බන්ධයෙන් විමසා බලන බවයි ක‍්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියා කියා සිටියේ.

තහනම් උත්තේජක නිවාරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ සිටින ප‍්‍රවීණයෙකු වන ජාතික උත්තේජක මර්ධන නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසුවේ තහනම් උත්තේජක මගින් ශරීරයට යම් ජවයක් ලැබෙන බවයි. එහෙත් එය තාවකාලික බවයි මහාචාර්යවරයා අවධාරණය කළේ.
Related