දුම් පරීක්ෂණ ගාස්තුව අකුලා ගනියි
අයවැයෙන් වැඩි කළ දුම් පරීක්ෂණ ගාස්තුව පෞද්ගලික බස් රථ සඳහා තාවකාලිකව අත්හිටුවීමට මුදල් අමාත්‍යවරයා එකඟ වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මුදල්...

https://www.sathhanda.com/2015/12/blog-post_37.html
ඒ අනුව මුදල් අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය මලික් සමරවික‍්‍රම සහ සිය නියෝජිතයන් අතර ඊයේ (10) පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය.
රු.5000 දක්වා වැඩි කළ දුම් පරීක්ෂණ ගාස්තුව තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග හෙට (12) පවත්වන සාකච්ඡාවේදී තීරණය කෙරෙනු ඇති බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසී ය.
ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කිරීමත්, පෙර ගෙවුම් කාඩ්පත් හඳුන්වාදීම ත් තුළින් මුදල් සුරක්ෂිතතාවක් ඇතිවන බැවින් එය ද ක්‍රියාත්මක විය යුතු බව ඔහු සඳහන් කරයි.
එසේ නොමැතිව දුම් පරීක්ෂණ ගාස්තුව ඉහළ දැමීම යුක්ති සහගත නොවන බැවින් ඒ පිළිබඳ මුදල් අමාත්‍යවරයා යම් අනුකූලතාවක් දැක්වූ බවද ගැමුණු විජේරත්න පැවසී ය.
Related