එහා ගෙදර කෙනාට තමයි විලිරුදාව හැදිලා තියෙන්නේ - රවී කියයි
එදා අධිවේගී මාර්ග හදන්නේ නැතිව හාල් සේරුව දුන් බවත්, එහෙත් අද රටේ ආර්ථිකය ගැන සිතීමට කාලය පැමිණ ඇති බවත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක පවස...

https://www.sathhanda.com/2015/12/blog-post_39.html
එදා අධිවේගී මාර්ග හදන්නේ නැතිව හාල් සේරුව දුන් බවත්, එහෙත් අද රටේ ආර්ථිකය ගැන සිතීමට කාලය පැමිණ ඇති බවත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන් 191 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානයට අද පෙරවරුවේ එක්වෙමිනි.
පසුගිය රජය සමයේ ඇතැමුන් රට වෙනුවෙන් සිදුවිය යුතු වැඩ කොටස අමතක කර දේශපාලන වැඩ කිරීම බවත්, දැන් එසේ නොකර රට ගොඩනැඟීමට සියලුදෙනා දායක විය යුතු බවත්, ඇමතිවරයා එහිදී පැවසීය.
මෙවර අය වැයෙන් පුනරාවර්ථන වියදම අඩු කර ප්‍රාග්ධන වියදම වැඩි කිරීමට කටයුතු කළ බවද ඔහු කීවේය.
ගණකාධිකාරිවරුන් 48 දෙනෙකු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමති රංජිත් මද්දුමබණ්ඩාරන් ඉල්ලා සිටි බවත්, ඔහු නිර්දේශ කර ඇත්තේ 19 දෙනෙකු බවත්, ඉන් පැහැදිලි වන්නේ දැනුම සපිරි අයගේ අඩුවක් බවද අමාත්‍යවරයා පැවසීය.
අය වැයෙන් විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් මතුව ඇති කතා බහ ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයකට නොගොසින් පවත්නා ක්‍රමයට ගියහොත් ඉදිරියේදී විශාල ගැටලු ඇති විය හැකි බවයි.
එසේම පොහොර සහනාධාරය ගැන ද අදහස් දක්වමින් එය මෙවර වැඩි කර ඇති බවත්, එසේ වුවද පසුගිය කාලයේ කිහිප දෙනෙකුගේ සාක්කුවලට එහි වාසිය ගිය බවත්, හෙතෙම පැවසීය.
මෙහා ගෙදර කෙනාට විලිරුදාව තිබියදී කෑ ගසන්නේ එහා ගෙදර කෙනා බවද කියා සිටි ඇමතිවරයා අපිට අවශ්‍ය කෝටිපතියන් දෙතුන් දෙන්නෙක් හැදීමට නොවන බවද කියා සිටියේය.
Related