වවුචරේ කඩාකප්පල් කරන්නේ විදුහල්පතිලායි. ඔවුනට දැඩි දඬුවම් දෙනවා - අඳබාල අධ්‍යාපන ඇමති කියයි
රජය විසින් මෙම වසරේ සිට ආරම්භ කර ඇති පාසල් සිසුනට නිල ඇදුම් වෙනුවට වවුචර ලබාදීම කඩාකප්පල් කරන විදුහල්පතිවරුනට එරෙහිව විනය පියවර ගන්නා බව ...

https://www.sathhanda.com/2015/12/blog-post_18.html
රජය විසින් මෙම වසරේ සිට ආරම්භ කර ඇති පාසල් සිසුනට නිල ඇදුම් වෙනුවට වවුචර ලබාදීම කඩාකප්පල් කරන විදුහල්පතිවරුනට එරෙහිව විනය පියවර ගන්නා බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.
මේ වන විටත් ඇතැම් පාසැල්වලට වවුචර ලැබී නැත්තේ කාගේ වුවමනාවටද? කුමන අතපසුවීමකින්ද යන්න ගැන වහාම සොයාබලන බවද ඇමතිවරයා කියා සිටියේය.
ඇතැම් පාසැල්වල විදුහල්පත්වරැුන් වවුචර් ලබාදීමට නිවාඩු කාලයේ එන ලෙස මව්පියන්ට සහ සිසුන්ට දන්වා ඇති බවත් එය සම්පූර්ණයෙන්ම වැරදි ක‍්‍රියාවක් බවත් ඔහු කියා සිටියේය.
එහෙත් මේ ගොබ්බ වහන්සේට නොතේරෙන්නේ මෙම රුපියල් 500 වවුචරය ලබා ගැනීම සඳහා දෙමාපියන් තම දවස් දෙකක් කම කිරීමට සිදුවීමත් එහි පාඩුව රුපියල් 3000කට අසන්න බවත්ය. රජය මෙයින් බලාපොරොත්තු වන්නේ අඩුවෙන් වවුචර ලබාදී මුදල් ඉතුරු කරගැනීමටය, පවතින වාතාවරණය යටතේමුදල් හිග කම නිසා මෙවන් හිඟන වැඩ හෝ සිදු කරමින් ජාමේ බෙර ගැනීමට ආණ්ඩුවට සිදුව තිබේ.
Related