රවී, ඉල්ලා අස්වනු
මුදල් අමාත්‍ය රවී කරුණානායක එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද ස...

https://www.sathhanda.com/2015/12/blog-post_404.html
"විදුලි කාර් ඒ වෙනකොට ගෙන්වන අයට ප්‍රශ්නයක් මතුවෙලා තිබුණා. අපි දන්නැහැ ඒක මුදල් ඇමතිවරයා හැටියට මොන තීරණයක් ගත්තද කියලා. පස්සේ මම දැක්කා ජනාධිපතිතුමා අපිට කියපු කාරණයම මාධ්‍යට කියලා තිබුණා. පරිසර ඇමතිවරයා හැටියට තමන්ගෙන් අහන්නෙවත් නැතුව මේ බද්ද දැම්මා කියලා. එතකොට අපි කියන කාරණා කොච්චර ඇත්තද බොරුද කියන එක අද ජනාධිපතිතුමාම ප්‍රකාශ කරනවා. එතුමාම කියනවා මේ අයවැයෙන් තමයි මේ ප්‍රශ්නේ ගෙනාවේ කියලා. එතකොට අපි කිවුවෙත් ඕකමයි.
මේ රාජ්‍ය සේවය හොඳට කෙරීගෙන යමින් තිබුණා. මේ රට හොඳට යමින් තිබුණා.ඒකට අයවැය හරහා ගෙනල්ල මේ ආණ්ඩුව අස්ථාවර කරන්න යම් කෙනෙක් කුමන්ත්‍රනයක් කරානම්, ඒක මුලින්ම කරේ මුදල් ඇමති. මුදල් ඇමතිතුමා තමයි මේ ආණ්ඩුව අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයේ පෙරගමන්කරු. එතුමාට ඕනේනම් ඡන්දයට පාවිච්චිකරන්නත් පුළුවන් 'කුමන්ත්‍රණයේ පෙරගමන්කරු' කියලා.
එතකොට අපි කියන්නේ එතුමාට මුදල් ඇමතිකමක් දරන්න සුදුසු කමක් නැහැ.අපි ඒකයි කිවුවේ එතුමා වඩාත් හොඳයි ඉල්ලා අස්වෙනවනම් කියලා".
අයවැයෙන් මතු වූ ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් තමන් මතු කළ විරෝධතාවලට ලබන 4 වෙනිදාට පෙර විසඳුම් ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර ප‍්‍රකාශ කළා. එසේ නොවුණහොත් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් හෝ එවැනි වෙනත් වෘත්තීය සමිති අරගලයක නිරත වීම තීන්දු කරන බවයි වෛද්‍ය නවීන් ද සොයිසා වැඩිදුරටත් කියා සිටියේ.
Related