දෙවැනි පෙළ නායකයෙකු ගැන එජාපයේ අවධානය
එක්‌සත් ජාතික පක්‌ෂයට දෙවැනි සහ තෙවැනි පෙළ නායකත්වයක් සෑදීම සම්බන්ධව එම පක්‌ෂයේ අවධානය යොමුව ඇති අතර ඒ සඳහා කොන්දේසි මාලාවක් පැනවීමට එම ප...

https://www.sathhanda.com/2015/12/blog-post_511.html
ඒ සඳහා පක්‌ෂයේ තරුණ නායකයින්ට අවස්‌ථාවක් ලබාදීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ජ්‍යෙෂ්ඨයන්ගේ අවධානය යොමුවී ඇති අතර ඔවුන්ට ආණ්‌ඩුවේ සහ පක්‌ෂයේ විවිධ වගකීම් පැවරීමටද තීරණය වී තිබේ.
මීළඟ නායකයා කවුදැයි නිෂ්චිත ලෙස තමන්ට නම් කිරීමට නොහැකි බවත් එජාප නායකත්වය එක පවුලකට හෝ පවුල් කිහිපයකට පමණක් අයත් නොවන්නක් බවත් පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේ දී පවසා ඇත.
එබැවින් පක්‌ෂ නායකත්වයට තමා නම් කරන්නැයි යන බලාපොරොත්තුවෙන් කිසිවකුත් නොසිට තම තමන්ට මේ වනවිට පැවරී ඇති ඇමැති විෂය පථයන් හි කාර්යශූර ලෙස කටයුතු කරන ලෙසටද අගමැතිවරයා උපදෙස් දී තිබේ.
Related