රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (18) පෙරවරුවේ පැවැත්වෙනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ ...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (18) පෙරවරුවේ පැවැත්වෙනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ අද (18) පස්වරුවේ තම සංගමයේ නියෝජිතයන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමගද සාකච්ඡාවක් පවත්වන බවයි. මෙම ඉල්ලීම් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉකුත් දා වැඩවර්ජනයකද නිරත වුණා. මීට පෙර වෛද්‍යවරුන්ට ලබාදුන් තීරුබදු රහිත වාහන ආනයන බලපත‍්‍රය යළි ලබා ගැනීමද එම ඉල්ලීම් අතර වුණා. කෙසේවෙතත් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ ඊයේ (17) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වසර 05කට වරක් වාහන ආනයන බලපත් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.
Related