ග්ලයිපොසේට් ගැන හෙළි දරව්වට මහාචාර්ය සරත් ගුණතිලකට ඇමරිකවෙන් විශිෂ්ටතා සම්මාන
ඝර්ම කලාපීය රටවල කෘෂිකාර්මික ප්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගය පිලිබඳ සිදුකල පර්යේෂණ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා රාජ්...

https://www.sathhanda.com/2015/12/blog-post_64.html
ඝර්ම කලාපීය රටවල කෘෂිකාර්මික ප්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගය පිලිබඳ සිදුකල පර්යේෂණ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරන සරත් ගුණතිලක මහතාට ඇ.එ.ජනපදයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා සංගමය මගින් පිරිනමන 2015 විශිෂ්ඨතා සම්මානය හිමි වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිදිවැල ප්‍රදේශයේ උපත ලැබූ ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා 1980 දශකය මුල් භාගයේ ඇ.එ.ජනපදයේ වෛද්‍යවරයකු ලෙස සේවයට එක විය. පසුව ඒ මහතා කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයකු ලෙස සේවයට එක් වී මහාචාර්යවරයකු ලෙස උසස්වීම් ලැබුවේය.
ඇමරිකානු පුරවැසියකු සිය රටෙන් පිටත සිදු කල පර්යේෂණයක් වෙනුවෙන් ජීවිතයේ එක වරක් පමණක් මෙම සම්මානය පිරි නැමේ. රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු කණ්ඩායම සමග එක්ව වකුගඩු රෝගයට ග්ලයිපොසෙට් රසායනයේ ඇති සම්බන්ධය හෙළි කිරීම හේතුවෙන් පසුගියදා චිකාගෝ නුවර පැවති ඇ.එ.ජනපද ප්‍රජා වෛද්‍ය විද්‍යා සංගමයේ වාර්ෂික උත්සවයේදී මහාචාර්ය ගුණතිලක මෙම සම්මානයට පාත්‍ර විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වෙසෙන ඇතැම් විද්‍යාඥයන් යැයි තමන් හදුන්වා ගන්නා කිහිප දෙනකු ග්ලයිපොසෙට් රසායනය වකුගඩු රෝගයට සම්බන්ධ නැති බව පවසමින් එහි තහනම ශ්‍රී ලංකාවේ ඉවත් කිරීමට කැස කවන බව වාර්තා වී ඇත.
Related