දැඩි කොන්දේසි මත රේගු තුන් දෙනාට ඇප
රුපියල් කෝටි 12.5ක අල්ලසක් ගත්තැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සුධීර පරාක්‍රම ජිනදාස,ජගත් ගුණතිලක හා උපාලි පෙරේරා යන රේගු නිලධාරීහු කොළඹ ප...

https://www.sathhanda.com/2015/12/blog-post_68.html
රුපියල් කෝටි 12.5ක අල්ලසක් ගත්තැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සුධීර පරාක්‍රම ජිනදාස,ජගත් ගුණතිලක හා උපාලි පෙරේරා යන රේගු නිලධාරීහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් අද දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබූහ.
එක් සැකකරුවකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප තුනක් බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරයා එක් ඇපකරුවකු රජයේ නිලධාරියකු විය යුතු බව ද කීවේය.
සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කැරිණි.
සෑම මසකටම වරක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
Related