මාරාන්තික හෙල්මට් එකක් (PHOTOS)
හිස් ආවරණයක තියුණු උල් සවිකර බරපතළ අපරාධ සිදුකර ඇතැයි කියන සැකකරුවන් දෙදෙනකු වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මුහුණු ආවරණය සහිත ...

https://www.sathhanda.com/2015/12/photos.html
හිස් ආවරණයක තියුණු උල් සවිකර බරපතළ අපරාධ සිදුකර ඇතැයි කියන සැකකරුවන් දෙදෙනකු වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මුහුණු ආවරණය සහිත හිස් ආවරණයේ ඉදිරිපස සිට පිටුපස දෙසට හරි මැදින් සවිකර ඇති සුදු යකඩින් සකස් කරන ලද අඟල් 1 1/2ක් පමණ පිටතට සිටින සේ සකස් කර ඇති තියුණු උල් 11ක් මෙහි සවිකොට තිබේ.
ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද කාන්තා යතුරුපැදියක් යොදා ගනිමින් කොළඹ හා වැලිකඩ ප්‍රදේශයේ ගැවසෙමින් සිටි සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී බරපතළ තුවාල සිදුකළ හැකි සියුම් උල් සහිත හෙල්මටයක් යතුරුපැදි ධාවකයා පැලඳ සිටි බව පොලිසිය කියයි.
රන් භාණ්ඩ පැහැර ගැනීම, මහජන දේපළ පැහැර ගැනීම වැනි සොරකම් රැසක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පොලිසියට අවශ්‍යව සිටි බව වාර්තා වේ.
මෙවැනි උල් සහිත අපරාධවලට යොදාගත හැකි හිස් ආවරණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රථම අවස්ථාව මෙය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
Related