සේයා ඝාතනයට අත්අඩංගුවට ගත් පාසල් සිසුවාට-එක්දරු පියාට රහස් තැනකදී පහරදීලා
රටේ මහත් ආන්දෝලයකට තුඩුදුන් කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට සැකපිට යැයි කියා අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ එක්දරු පියා නීති විරෝධී ලෙස ර...
https://www.sathhanda.com/2015/12/blog-post_79.html?m=0
රටේ මහත් ආන්දෝලයකට තුඩුදුන් කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට සැකපිට යැයි කියා අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ එක්දරු පියා නීති විරෝධී ලෙස රහස් ස්ථානයක දින කිහිපයක් රඳවාගෙන පහරදී ඇති බව ඒ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකින් අනාවරණය වී ඇත. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ගේ නියමයෙන් බස්නාහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අධීක්ෂණයෙන් එම විමර්ශනය පවත්වා තිබේ.
පාසල් සිසුවා සහ දෙදරු පියා නීති විරෝධීව රඳවාගැනීම මෙන්ම පහරදීම සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයාත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාත් තවත් නිලධාරීන් දෙදෙනෙකුත් වගකිව යුතු බව විමර්ශන වාර්තාවේ දක්වා ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය. එම නිලධාරීන්ට එරෙහිව චෝදනා පත්‍ර දිය යුතු බවට විමර්ශන වාර්තාවේ යෝජනා කර තිබෙන බව වැඩිදුරටත් එම තොරතුරු අනාවරණය කළේය.


Related