ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීන්ට තවත් බාල්දියක්
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ ආසන සංවිධායක තනතුරු ජනවාරි මාසයේදී අහිමිවනු ඇතැයි ශ්‍රීලනිප අ...

https://www.sathhanda.com/2015/12/blog-post_855.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට අවනත නොවී වෙනම කටයුතු කරන මෙම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇත.
මෙම විනය පරීක්ෂණවලින් වැරදිකරුවන් බවට පත්වන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන මෙම මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක තනතුරු අහෝසි කර වෙනත් අයට එම වගකීම් පැවැරීමට මේ වනවිටත් සැලසුම් කර ඇත.
මෙම තනතුරු අහිමි වීමත් සමග ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම කණ්ඩායමක් ලෙස තරග වදින බව ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කරන බව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.
Related