ව්‍යවස්‌ථාව වෙනසට සහය වෙන්න නෝර්වේ විශේෂඥයකු හෙට දිවයිනට
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය ව්‍යවස්‌ථාමය වෙනස්‌කම් සිදුකිරීම සඳහා විදේශ විශේෂඥ සහාය ලබා ගැනී...

https://www.sathhanda.com/2015/12/blog-post_92.html
මේ සඳහා නෝර්වේ ඇතුළු රටවල් කිහිපයක විශේෂඥයන් පිරිසකට රජය ආරාධනා කර ඇති අතර ඒ අනුව නෝර්වේ රාජ්‍යයේ විශේෂඥයකු හෙට (07) මෙරටට පැමිණීමට නියමිතය.
මෙම ව්‍යවස්‌ථාමය වෙනස්‌කම් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති කැබිනට් අනුකාරක සභාවට මෙම විදෙස් විශේෂඥ යෝජනා ලබාගෙන වඩාත් සුදුසු යෝජනා රැගෙන රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේදී මනාප ක්‍රමය අහෝසි කිරීම, කොට්‌ඨාස මිශ්‍ර ක්‍රමය ඇති කිරීම හා සුළු පක්‍ෂවලට අසාධාරණයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය නිර්දේශ හා උපදෙස් ද මෙම කමිටුවට විදෙස් විශේෂඥයන් විසින් ඉදිරිපත් කරන බවද වාර්තාවේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් යුත් කැබිනට් අනුකාරක කමිටුවට නිමල් සිරිපාල ද සිල්වා, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, සුසිල් ප්‍රේමජයන්ත, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික, විඡේදාස රාජපක්‍ෂ, ඩී. එම්. ස්‌වාමිනාදන්, මනෝ ගනේෂන් හා මලික් සමරවික්‍රම යන ඇමතිවරු සාමාජිකයන් ලෙස පත්කර ඇත.
Related