කොටි සංවිධානය සතුව තිබූ රුපියල් කෝටි 3500 ක් වටිනා අවි තොගය සම්බන්ධ තොරතුරු රජය විසින් පිහිටුවීමට යෝජිත විශේෂ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ...

කොටි සංවිධානය සතුව තිබූ රුපියල් කෝටි 3500 ක් වටිනා අවි තොගය සම්බන්ධ තොරතුරු රජය විසින් පිහිටුවීමට යෝජිත විශේෂ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට විශ්‍රාම ලැබූ හමුදා නිලධාරීන් කණ්‌ඩායමක් තීරණය කර ඇත.මේ අවි තොගය හමුදාව විසින් සොයාගෙන තිබූ අතර ඊට අදාළ තොරතුරු වසන්වී තිබිණි.සොයාගත් අවි අතර ඇමරිකානු සහ ජර්මන් ආණ්‌ඩු සතු එම්. 16 සහ එම් පී 5 වර්ගයේ ප්‍රහාරක අවිද වේ.මේ අවි තොගය ගැන අපි හෙළිකරන තොරතුරු නිසා විශාල ආන්දෝලනයක් ඇතිවෙනවා. එවිට කොටින්ට අවි සැපයුවේ කවුදැයි හෙළිවෙනවා යයි එම හමුදා නිලධාරීන්ට සම්බන්ධ ආරංචි මාර්ග පැවසීය.සොයාගත් අවි වලට අමතරව සිවිල් වැසියන් විශාල පිරිසක් ඝාතනය කළ හැකි සී. 4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 6000 ක්‌ද වේ.
Related