විමල්, ගම්මන්පිල වගේ ත්‍රි වීල් පක්ෂ වල අයට මේ රට අනාත කරන්න දෙන්න බැ - මුතුහෙට්ටිගම
විමල් විරවංශ ,උදය ගම්මන්පිල වාගේ අය කියන විදියට අපේ රට අනාථ කරන්න දෙන්න නොහැකි බව යහපාලන ආණ්ඩුවේ වරාය නාවික නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ට...
https://www.sathhanda.com/2015/10/nishantha-muthuhettigama.html
විමල් විරවංශ ,උදය ගම්මන්පිල වාගේ අය කියන විදියට අපේ රට අනාථ කරන්න දෙන්න නොහැකි බව යහපාලන ආණ්ඩුවේ වරාය නාවික නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.ගාල්ලේ පැවැති පිළිගැනිමේ රැස්වීම් මාලවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යරයා මේ බව සදහන් කලා .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුතුහෙට්ටිගම,
පොදු රාජ්‍ය මණ්ඩලයේ විශ්වාසය දිනා ගෙන මෛත්‍රිපාල සිරිසේන රටට ගරුත්වයක් ගෙන දී තිබෙනවා.මේ දිනාගත් ගරුත්වය හමුවේ අපේ සන්ධානයේ සිටින සමහර කුඩා පක්ෂවල අය කියනවා,මෙය, හයිබ්‍රිඩ් එකක් කියලා. සමහර ත්‍රිවිල් පක්ෂ ත්‍රිවිල් එකකවත් ගෙනියන්න සෙනගක් ජනතාවත් නැති පක්ෂ මෙය විවේචනය කරනවා. විමල් විරවංශ,උයද ගම්මන්පිල වාගේ අය කියනවා මෙය වැරදියි කියලා.මෙය පවා දිමක් කියලා.මේ අය කියන විදියට අපේ රට අනාථ කරන්න දෙන්න බෑ.
අපි යෝජනා කරනවා.සන්ධානයෙන් මේ ත්‍රිවිල් පක්ෂ නැතිනම්,ත්‍රිවිල් එකකවත් දමාගෙන යන්න ජනතාවක් නැති පක්ෂ අපේ සන්ධානයෙන් ඉවත් කරන්න කියලා,අපි යෝජනා කරනවා.ඒ අනුව ශක්තිමත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති කර,ශක්තිමත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනගන්නට,ඇති කරන්නට ඉදිරි පස් අවුරුද්දට පසුව පියවර ගන්නවා .


මුතුහෙට්ටිගමයගෙ අැඟ පුරාම මොලේ බව උගෙ කතාවෙන් පෙනෙනවා.
ReplyDelete