Enrique ගේ ෂෝ එකේ චෝදනා ගැන 'සංගා - මහේල' කතා කරයි
පසුගිය සතියේ ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ (Enrique Iglesias) සහභාගිත්වයෙන් පැවැත්වූ ‘Sex and Love’ ප‍්‍රසංගය ගැන තවමත් විවිධ වි...

https://www.sathhanda.com/2015/12/enrique.html
පසුගිය සතියේ ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ (Enrique Iglesias) සහභාගිත්වයෙන් පැවැත්වූ ‘Sex and Love’ ප‍්‍රසංගය ගැන තවමත් විවිධ විවේචන එල්ල වෙනවා.
මෙම ප‍්‍රසංගය නරඹන්නට රුපියල් 35000 ක VIP ටිකට්පත් ලබා ගත් ඇතැමුන් මහේල සහ සංගාගෙන් නැවත මුදල ඉල්ලූ බව විවිධ වෙබ් අඩවිවල වාර්තා කළා. තවදුරටත් සදහන් වුයේ මෙම ප‍්‍රසංගය දුර්වල සංවිධානය වෙනුවෙන් වගකීම මහේල හා සංගක්කාර භාරගතයුතු බවයි.
ඊයේ (27) දිනයේ මෙම ප‍්‍රසංගය පිලිබදව ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අම්පාරේ පැවති උත්සවයකට සහභාහි වූ අවස්ථාවේදී මෙවැනි අදහසක් පල කළා.
‘ලංකාවෙ සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වලා අසංවර සංගීත සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තලන්න ඕන. විස්කි වගේ බීම වර්ග පානය කරලා මේ සංගීත සංදර්ශනවල මත්වන තරුණියො ඒ අයගේ තන පට ගලවලා අර ගායකයාට ගසා දමන තත්වෙට පත්වෙලා. සමහරු වේදිකාවට නැගල ගායකයා සිප ගන්නවා. එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට මං ඉඩ තියන්නෙ නෑ ඉදිරියට. තව මේ වගේ වැඩසටහන් කවුරුහරි කරන්න යනවනම් ඒවට අනුමැතිය දීම වැළැක්වීමට මං පියවර ගන්නවා.’
මෙම ප‍්‍රසංගය පිලිබදව මේ වනවිට ඇති වී තිබෙන ආන්දෝලනය නිසා සංගා සහ මහේල ජනපතිගේ ප්‍රකාශයෙන් පසු තම ෆෙස්බුක් පිටුවෙන් පණිවිඩයක් මුදා හැරියා. එම පණිවිඩයේ සදහන් වන පරිදි සංගා සහ මහේල මෙම ප‍්‍රසංගය නැරබීම සදහා ටිකට් ලබා ගත් අයට සිදුවූ අපහසුතාවයට කණගාටුව පල කර තිබෙනවා. එයට හේතුවී තිබෙන්නේ මෙම ප‍්‍රසංගය සදහා ගෙන ආ කලාකරුවා නියමිත වෙලාවට ප‍්‍රසංගයට නොපමිනිම බවයි එම පණිවිඩයේ සඳහන් වන්නේ.
(එම සම්පූර්ණ පණිවුඩය පහතින්)
Related