නිල්වලා ගඟට තෙල් ලීටර 15000ක මුසුවීමෙන් ජල පිරිපහදුව නවතියි
පිරිපහදුව සඳහා කත්දූව, බලකාවල සහ නාදුගල යන ජල මූලාශවලින් ජලය ලබා ගැනිම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර...

https://www.sathhanda.com/2016/01/15000.html
එම මණ්ඩලයේ දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජයන්ත පතිරණ ප්‍රකාශ කළේ අකුරැස්ස නගරයේ ඉන්ධන පිරිවුම්හලක සිදු වූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
ඊයේ (16) පෙරවරුවේ සිදුවු මෙම ඉන්ධන කාන්දුවිම හේතුවෙන් නිල්වළා ගඟට ඉන්ධන මිශ්‍ර වී ඇති බවයි වාර්තා වන අතර මේ හේතුවෙන් ජල පිරිපහදුව සඳහා ජලය ලබාගන්නා කත්දූව, බලකාවල සහ නාදුගල යන මූලාශවලින් ජලය ලබා ගැනිම තාවකාලිකව නතර කළ බව ජයන්ත පතිරණ වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.
ජලය පිරිපහදු කිරිමේ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර ඇති බැවින් දෙවුන්දර, මිරිස්ස, දික්වැල්ල, කෝට්ටගොඩ, කුඩාවැල්ල, කැකණදුර, මාලිම්බඩ සහ මාතර යන ප්‍රදේශවල ජනතාව ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දී තිබේ.
Related