රටෙන් 98% පසුගිය ලබා දුන්නා, ඉතුරු දෙක දීගන්න තමයි දැන් අමාරු - රන්ජිත් සියඹලාපිටිය
රටම එළියයි අදුර දුරලයි ජාතික විදුලි සත්කාරක වැඩසටහන යටතේ පුත්තලම මොහොත්තුවාරම දූපත්වාසී ධීවර ප‍්‍රජාව වෙත රුපියල් මිලියන දහයක් වටිනා සූර...

https://www.sathhanda.com/2016/01/98.html
රටම එළියයි අදුර දුරලයි ජාතික විදුලි සත්කාරක වැඩසටහන යටතේ පුත්තලම මොහොත්තුවාරම දූපත්වාසී ධීවර ප‍්‍රජාව වෙත රුපියල් මිලියන දහයක් වටිනා සූර්ය විදුලිබල පද්ධති ප‍්‍රදානය කිරීමේ ජාතික උත්සවයට සහභාගීවෙමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප‍්‍රකාශ කළේ එළඹෙන අපේ‍්‍රල් මාසය අවසන් වීමට පෙර මුළු රටම විදුලියෙන් ආලෝකමත් කරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,
"රටේ ජනතාවගෙන් 98% කට අපි පසුගිය අවුරුද්ද වන විට විදුලිය ලබා දී තිබුණා. ඒ අනුව අපිට විදුලිය ලබාදීමට තිබුණේ තවත් සියයට දෙකක කොටසකට පමණයි. නමුත් ඒ දෙක තමයි අමාරුම දෙක. එයට හේතුව මෙම කණ්ඩායමට විදුලිය ලබාදීමේදී, ඒ අය තුළ පවතින කැමැත්ත, ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට තිබෙන හැකියාව, පාරිසරික සාධක, ජීවන මට්ටම, ආදී විවිධ හේතූන් රාශියක් බලපානවා. නමුත් මේ කිසිදු අභියෝගයකට පසුගාමී නොවී අපේ ඉලක්කය කරා යාමට අපි කටයුතු කරනවා.
මතු පිටින් බලන ඹ්නෑම කෙනෙකුට ඉතුරු සියයට දෙකට විදුලිය ලබාදීම ඉතාම සරල කාර්යක් විදියට පේන්න පුළුවන්. නමුත් මේ දෙක තමයි අමාරුම දෙක" යැයි පැවසීය.
Related