'සිංහ ලේ' ආණ්ඩුවේ වැඩක්!
මේ දිනවල පැතිර යන 'සිංහ ලේ' රැල්ල වැළැක්වීමටත්, ඊට සම්බන්ධ පුද්ගලයන් හෙළි කිරීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන...
https://www.sathhanda.com/2016/01/blog-post_11.html
රජය එසේ නොකරන්නේ සිංහ ලේ රැල්ල ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවවීම හේතුවෙන් යැයි ද හෙතෙම පෙන්වා දුන්නේ ය.
එසේම ජාතිවාදය වළක්වාලීමට රජය කටයුතු කළ යුතු බවත්, ජාතිවාදයට සහාය දීමෙන් ද වැළකී සිටිය යුතු බවත් ඔහු ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ය.
සිංහ ලේ යන නාමය මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින අතර ඇතැම් පිරිස් එය යොදාගෙන ජාතිවාදය ඇවිස්වීමටත් උත්සාහ කරයි. තරුණයෙකු සිංහ ලේ යනුවෙන්වන පච්චයක් සිය ශරීරයේ ඇදගෙන තිබූ අතර ඒ හරහා මෙම වැකිය ප්‍රසිද්ධියට පත් විය. කෙසේ වෙතත් එම තරුණයා පැවැසුවේ එය තමාගේ හිතට ආ අදහසක් අනුව සිදුකළ බවයි.


Related