සේයා නඩුව අද සිට අඛණ්ඩව
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව අද (25) සිට අඛණ්ඩව විභාගයට ගැනෙනවා. එ් බස්නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුර...

https://www.sathhanda.com/2016/01/blog-post_345.html
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව අද (25) සිට අඛණ්ඩව විභාගයට ගැනෙනවා. එ් බස්නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේයි. මෙම නඩුවේ විත්තිකරු වන අයි.පී. සමන් ජයලත් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 4ක් ගොනුකර තිබෙනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා සේයා සදෙව්මි දැරිය පැහැර ගැනීමට ලක් වූ අතර 13 වැනිදා ඇගේ මළ සිරුර සොයා ගැනුනා. එ් නිවස ආසන්නයේ තිබූ ඇල මාර්ගයක් අසල තිබියදීයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු සහ එක්දරු පියෙකු කොටදෙණියාව පොලිසිය විසින් පළමුව අත්අඩංගුවට ගැනුනා. කෙසේ වෙතත් ඔවුන්ගේ ඩී.එන්.එ් වාර්තා නොගැලපීම නිසා ඔක්තෝබර් මස 3 වැනිදා ඔවුන් එම නඩුවෙන් නිදහස් කෙරුණා.
මේ අතර සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාසල් ශිෂ්‍යයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් කොටදෙණියාව පොලිසියේ නිලධාරීන් පිරිසකට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා. එ් ඔවුන් විසින් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකට අනුවයි. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා දින දෙකක් තිස්සේ නීත්‍යානුකූල නොවන ලෙස කොටදෙණියාව පොලීසියේ රඳවා තබා ගත් බවටයි එම පොලිස් නිලධාරීන්ට චෝදනා එල්ල වී ඇත.
Related