රාජිත "ප්‍රා" සංවිධානය මෙහෙයවූ බව හිරු සලකුනේදී ප්‍රසිද්ධියේ පිළිගනී
88-89 භීෂණ සමයේ ක්‍රියාත්මක වූ මිනීමරු පැරා මිලිටරි කණ්ඩායමක් වන `ප්‍රා` සංවිධානයට තමන් ආශීර්වාද කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි....

https://www.sathhanda.com/2016/01/blog-post_393.html

ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන්ම පිළිතුරු දියයුතු බව පැවසූ අමාත්‍යවරයා `ප්‍රා` සංවිධානයට ආශීර්වාද කළේ කෙසේද යන ප්‍රශ්නය දිගින් දිගටම මගහැර යන අයුරු දක්නට ලැබිණි.
`ප්‍රා` සංවිධානයට නායකත්වය දුන්නාද යන ප්‍රශ්නයට ``නැත`` යනුවෙන් පිළිතුරු දුන්නද, එම සංවිධානයට ලැයිස්තු දුන්නේද යන ප්‍රශ්නය නෑසුණු අයුරින් මගහැර යාම අමාත්‍යවරයා සමත් විය.
එම අවධියේ ගෝඨාභය රාජපක්ෂ මාතලේ දිස්ත්‍රික් හමුදා නිලධාරියාව සිටියදී වැඩිම තරුණ මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ එම ප්‍රදේශයෙන් බවත් කෙසේ නමුත් එය වරදක් නොවන බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
`ප්‍රා` සංවිධානයේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණය කළේය යන්නද අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේ තමන් එවකට කළුතරට පැමිණ නැති බව කියමිනි.
කෙසේවෙතත් 88-89 භීෂණ සමයේදී තරුණ කැරළිකරුවකුගේ හිසකට රුපියල් පණස්දහසක් ලබාගත් දොස්තර කවුද යන ප්‍රශ්නය, වැඩසටහනේ සිටි කිසිදු නිවේදකයකු ඇමතිවරයාගෙන් විමසා සිටියේ නැත.
'ප්‍රා' සංවිධානයේ දොස්තරවරයකු එකල රජයෙන් රුපියල් 50,000ක් ලබාගත් බව පසුකලෙක 'සිළුමිණ' පුවත් පතේ ප්‍රධාන සිරස්තලය යටතේ පලවී තිබිණ.
Related