මානව හිමිකම් කොමිසමට එරෙහිව පොලීසිය උසාවි යයි
උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන්ගේ උද්ඝෝෂණයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබාදුන් නිර්ද...
https://www.sathhanda.com/2016/01/blog-post_50.html?m=0
උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන්ගේ උද්ඝෝෂණයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබාදුන් නිර්දේශවලට එරෙහිව පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරණයට වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකොට තිබෙනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වැනි දින තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ උද්ඝෝෂණයක් සිදුකරමින් සිටියදී පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ල කළේය. එම සිදුවීම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ සිසුන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මානව හිමිකම් කොමිසම එම පහරදීමට සම්බන්ධ පොලිස් නිළධාරීන් වැරදිකරුවන් කරමින් නිර්දේශ ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත්තේ එම නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලමිනි.
කොළඹ පොලිස් මූලස්ථානයේ පොලිස් අධිකාරී ප්‍රදීප් නාමල්දෙනිය මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම ඇතුළ කොමිසමේ සාමාජිකයන් නම්කර තිබේ.

Related