සෙයිඩ් අල් හුසේන් ලඟදිම ලංකාවට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් ලබන මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම සංවිධානයේ මානව හිමිකම් සම්බන්ධීකාරක සුබිනේ...
https://www.sathhanda.com/2016/01/blog-post_57.html?m=0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් ලබන මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම සංවිධානයේ මානව හිමිකම් සම්බන්ධීකාරක සුබිනේ නැන්ඩි මහතා තහවුරු කරනවා. ඊයේ (11) පස්වරුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා හමු වී සිදුකළ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ ලබන මස මැද භාගයේදී සෙයිඞ් අල් හුසේන් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි. එම සංචාරය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන බවද සුබිනේ නැන්ඩි මහතා කියා සිටියා. ශ‍්‍රී ශ්‍රී ලංකාව තුළ තමන් ගතකළ කාලයේදී පවතින තත්ත්වයන් පිළිබඳ මනා අවබෝධයක් ලබාගත් බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. අවතැන් වූවන් සම්බන්ධයෙන් සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ඇති උනන්දුව ප‍්‍රශංසනීය බවද සුබිනේ නැන්ඩි මහතා පැවසුවා.

Related