මෛත්රී පුලතිසි දෙවියන්ට ඇන්දු ගීතය ගැන මොකුත් දන්නේ නෑලු - කොහෙන් හිනා වෙන්නද
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී වර්ෂ පුර්ණය වෙනුවෙන් ‘නුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිසෙක්’ යන තේමාවෙන් එළිදක්වා...
https://www.sathhanda.com/2016/01/blog-post_61.html?m=0
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී වර්ෂ පුර්ණය වෙනුවෙන් ‘නුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිසෙක්’ යන තේමාවෙන් එළිදක්වා තිබූ ගීතය ජනාධිපතිවරයාගේ වර්ෂ පූර්ණයේ නිල ගීතය නොවේ යයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.එම ගීතය ප්රචාරය වන්නේ ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ කිසිදු අනුදැනුමකින් නොවන බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පවසයි. මෙම ගීතය එළදැක්වූ පසු යූ ටියුබය තුල එල්ල වූ දැවැන්ත ජනතා විරෝධය මත ඉන් ඉවත් කර ගනු ලැබූ අතර වෙනත් ගිණුම් ඔස්සේ එය පල කිරීමද අත්හිටුවා තිබේ.එහෙත් 8-9-10 තෙදිනක් පුරා සියළු රූපවාහිනී නාලිකාවල මෙම ගීතය ප්රචාරය වූයේය. එය කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව හෝ එම රූපවාහිනී නාලිකා සමාජ සත්කාරයක් ලෙස සලකා නොමිලේ කරන ලද්දක් වීම කෙසේවත් විය නොහැක.
එමෙන්ම එහි නිෂ්පාදන කටයුතු සහ අදාල අනෙකුත් කටයුතු පිලිබඳ විස්තර පහතින් බලාගත හැක.
එමෙන්ම එහි නිෂ්පාදන කටයුතු සහ අදාල අනෙකුත් කටයුතු පිලිබඳ විස්තර පහතින් බලාගත හැක.







වල් පරයට හෙණ ගහපන්
ReplyDelete