ලෝකයේ නවීනතම ලොකුම නැවක් හම්බන්තොට
ලෝකයේ වාහන ප්‍රවාහනය කරන විශාලතම නෞකා අතරට එක්ව ඇති නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ තිබේ. ජපානයේ සිට මෙරටට පැමිණි HYPERION HIGHWAY නම් මෙම න...

https://www.sathhanda.com/2016/01/blog-post_64.html
ලෝකයේ වාහන ප්‍රවාහනය කරන විශාලතම නෞකා අතරට එක්ව ඇති නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ තිබේ. ජපානයේ සිට මෙරටට පැමිණි HYPERION HIGHWAY නම් මෙම නෞකාවට එකවර වාහන 7700 ක් ප්‍රවාහණය කළ හැක. මෙරට පරිහරණය සඳහාද වාහන 553 ක් හම්බන්තොට වරායට ගොඩ බෑම මෙහිදී සිදුවිය.
මෙම නෞකාව නිෂ්පාදනය කර මාස 3 ක් වැනි කෙටි කාලයකින් ජපානයේ සිට ලෝකයේ ප්‍රධාන වරායන් වෙත ලඟා වෙමින් යන අතර හම්බන්තොට වරායට පැමිණිම වෙනුවෙන් පිළිගැනිමේ කෙටි උත්සවයක් නෞකාව තුල දී සිදු විය.
නැව අයත් අදාළ නැව් සමාගම සහ වරාය අධිකාරියේ නිලධාරීන් සහ නෞකාවේ කාර්ය මන්ඩලය සහභාගි විය.මෙහි දී දෙපාර්ශව අතර සිහිවටන ඵලක හුවමාරුවක් ද සිදු කෙරිණි.
ජනවාරී මාසයේ දි හම්බන්තොට මාගම්පුර වරායට වාහන රැගත් නෞකා 15 ක් ලඟ විමට නියමිත බව වරා අධිකාරිය පවසයි.
Related