ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සම්පාදනය කිරීමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ සිංහල ජාතියට හා බෞද්ධ ආගමට ඇති ප‍්‍රමුඛත්වය අහිමි කිරීමට බව ආචාර්ය ...

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සම්පාදනය කිරීමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ සිංහල ජාතියට හා බෞද්ධ ආගමට ඇති ප‍්‍රමුඛත්වය අහිමි කිරීමට බව ආචාර්ය නලින් ද සිල්වා පවසනවා.චින්තන පර්ෂදය කොළඹ අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි ඔහු මේ බව කියාසිටියේ.ජාතිකත්වය හෝ ආගමක් මත පදනම් වී පිහිටුවා ඇති දේශපාලන පක්‍ෂ තහනම් කළයුතු බවට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පැවසුවේ කාදිනල් හිමිපාණන් මෙම ප‍්‍රකාශ කර ඇත්තේ සිංහලේට බියවී බවයි.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සම්පාදනය කිරීම ශී‍්‍ර ලංකාවේ අවශ්‍යතාවක් නොව විදේශයන්ගේ අවශ්‍යතාවක් බවද මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණා.
Related