කුණුකන්දට එරෙහි සටන මෙහෙය වූ කීර්ති - නුවන් අත්අඩංගුවට
මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා මහතා හා නීතිඥ නුවන් බෝපගේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මීතොටමුල්ල ක...

https://www.sathhanda.com/2016/01/blog-post_83.html
මීතොටමුල්ල කුණුකන්දට එරෙහිව පසුගිය 27 වැනිදා පැවැති විරෝධතාවයක සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් ඊයේ (10) රාත්‍රී 11ට කීර්තිරත්න පෙරේරා (65) රාත්‍රී 1ට පමණ නීතිඥ නුවන් බෝපගේ (32) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට මොවුන් දෙදෙනා අද(11) ඉදිරිපත් කිරීමට නියමිතය.
මීතොටමුල්ල කුණු කන්ද කාලයක සිට ප්‍රදේශවාසීන්ට කරදරයක්ව පවතින අතර ඉකුත් මස 27 වැනිදා එම කුණුකන්දට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයකට කොළොන්නාව නගර සභාපතිවරයා ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනාවක් ද එල්ල විය.
Related