"සිංහ ලේ වටිනාකමක් නෑ " - ජනපති
සිංහලේ සංවිධානය පිළිබඳව කතා කිරීමට තරම් වටිනාකමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බීබීසී...

https://www.sathhanda.com/2016/01/blog-post_902.html
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.
දැනට ක්‍රියාත්මක ''සිංහ ලේ'' ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ 'අප කතා කළ යුත්තේ වටිනාකමක් ඇති දේ ගැන පමණක් බවයි.'තමා මේ රටේ මහජන ඡන්දයෙන් පත් වූ රාජ්‍ය නායකයා ලෙස කතා කළ යුත්තේ රටට වැඩක් හා වටිනාකමක් ඇති දේ ගැන මිස වටිනාකමක් නැති අයහපත් දේ ගැන නොවන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියා.
එනමුදු මේ තත්ත්වය ජාතීන් අතර සංහිඳියාව සම්බන්ධයෙන් වන ගැටලුවක් නොවේදැයි බීබීසීය විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ මේ ව්‍යාපාර පිළිබඳ සත්‍ය තත්ත්වය සමාජයේ සිටින උගතුන් හා බුද්ධිමතුන් අවබෝධ කොට ගෙන ඇති බවයි.
'අවශ්‍ය දේ මොනවාද අනවශ්‍ය දේ මොනවාද කියා සමාජය තුළ සිටින ප්‍රබුද්ධ කොටස් පැහැදිලිව තේරුම් ගන්නවා.'යි ජනාධිපතිවරයා පවසා සිටියා.
එමෙන්ම ඔහු එහිදී සඳහන් කර සිටියේ තමා සිය පුතු එක්සත් ජාතීන්ගේ සංවිධාන මහ සමුළුවට කැඳවා ගෙන ගියේ ඔහු රජ කර වීමේ බලාපොරොත්තුවෙන් නොවන බවයි.
පියකු තුළ තම පුතුන් කෙරෙහි කෙතරම් ආදරයක් පවතිනවාදැයි දන්නේ පුතුන් සිටින පියවරුන් මිස පුතුන් නොමැති පියවරුන් නොවන බවත් එය රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රශ්නයක් නොව මනුෂ්‍යත්වයේ අශීලාචාර බව පිළිබඳ ගැටලුවක් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළා.
Related