ලෝක තෙල් මිල අඩු වුණත් මෙරට තෙල් මිල අඩු කරන්න බැහැ - යහපාලන අමුතු සිද්ධාන්ත
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගිය නමුත් එම වාසිය ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ක්ෂණිකව ලබාදීමේ හැකියාවක් නොමැති බව ඛනිජ තෙල් හා පෙට්‍රෝ...

https://www.sathhanda.com/2016/01/blog-post_972.html
පසුගිය කාලසීමාවේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ‍්‍ර ලෙස ඉහළගොස් තිබූ බවත් එම කාලයේදී මිලදී ගෙන ගබඩා කර තිබූ බොර තෙල් පිරිපහදු කර මෙම කාලයේදී පාරිභෝගිකයින් වෙත ලබා දෙන නිසා මෙම දිනවල ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුවද එහි වාසිය ක්ෂණිකව මෙරට පාරිභෝගිකයින්ට ලබාදිය නොහැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
2008 වසරේ අග භාගයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 147ක් ලෙස සටහන් වූ අතර මේ වන විට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 30ටත් වඩා පහත බැස තිබේ.
එය මෑත කාලයේ ලොව වාර්තා වූ අඩුම මිල ලෙසයි සඳහන් වන්නේ.
එහෙත් ලංකාවේ එක වර ගබඩා කර ගන්නේ වැඩිම වුවොත් මසකට පමණක් ප්‍රමාණවත් තෙල් සංචිත වන අතර පසුගිය වසර මේද බාගයේ සිට ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහත යමින් තිබේ. යහපාලනයට ජැක් ගැසූ මේ ගොබ්බ ඇමති හිතාමතා ජනතාව නොමග යවන ප්‍රකාශ නිකුත් කරමින් සිතී. මේ අතර වාර්තා වන්නේ පසුගිය රජය තෙල් සඳහා ය කල බදු මුදලටත් වඩා වැඩි බදු මුදලක් වර්තමාන රජය විසින් අය කරබවත් ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවීම නිසා එය ජනතාවට අවබෝධ වී නැති බවත්ය.
Related