ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි - ගිවිසුම ගැන ඇමති මලික් කියයි (VIDEO)
යෝජිත ඉන්දු-ලංකා වෙළද හා සේවා ගිවිසුම එළැඹෙන ජූනි මාසයේදී අත්සන් කිරීමට නියමිත බව ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්...
https://www.sathhanda.com/2016/01/it-video.html?m=0
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී ය.
යෝජිත ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට කිසිදු අහිතකර තත්වයක් ඇති නොවන බවත් එම සේවා ගිවිසුමට වෛද්‍ය ක්ෂේත්රය සහ නීති ක්ෂේත්රය අදාළ නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
සේවා සදහා අවසර දීමට දැනට සාකච්ඡා කර ඇත්තේ ක්ෂේත්‍ර දෙකකට පමණක් බවත් එයට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයද ඇතුළත් වන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ, දෙපාර්ශවක් ගිවිසුමකට එළැඹීමේදී එක් පාර්ශවයකට 100%ක් වාසි වන අකාරයට ගිවිසුමකට එළැඹිය නොහැකි බව ය.
එම වීඩියෝව පහතින් නරඹන්න

Related