උ/නැගෙනහිරට සම ස්වෛරීභාවය ඕනෑ - විග්නේශ්වරන්
උතුර නැගෙනහිරට සම ස්වෛරීභාවය පදනම් වූ දේශපාලන විසඳුමක් ලබාදිය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව උතුරු මහ ඇමැති සී. විග්නේශ්ව...
https://www.sathhanda.com/2016/01/blog-post_271.html?m=0
උතුර නැගෙනහිරට සම ස්වෛරීභාවය පදනම් වූ දේශපාලන විසඳුමක් ලබාදිය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත. යාපනය මහජන පුස්තකාලයේ පැවැති ෆෙරල් ක්‍රමය පිළිබඳ සමුළුව අමතා ඔහු මේ බව පවසා තිබේ .උතුර නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවත් ඒ සමඟම ස්වෛරීභාවයේ සම තත්ත්වය උතුර නැගෙනහිරට අවශ්‍ය බවත් හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත. ස්විට්සර්ලන්තයේ ෆෙඩරල්වාදයට අදාළ ප්රිබුන් විශ්වවිද්‍යාලයේ විද්වතුන් පිරිසක් හමුවේ ඔහු මේ බව පවසා තිබේ. ද්‍රවිඩ ජනතාවට ස්වයංපාලනයට හිමිකමක් ඇති බව පෙන්නුම් කළ විග්නේශ්වරන් දේශපාලන විසඳුමක් ලබාදිය යුත්තේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බවද ප්‍රකාශ කර ඇත. මෙම ෆෙඩරල් ක්‍රමයට අදාළ ස්විස් විද්වතුන් මෙරටට ගෙන්වා ඇත්තේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයයි.

Related