15 හැවිරිදි පුතාගෙන් පියාට පොරෝ පහරක්
15 හැවිරිදි පුතෙකු විසින් පොරොවකින් පහරදී සිය පියා ඝාතනය කිරීමේ පුවතක් අකුරැස්ස, මිල්ලගහදෙණිය ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. 48 හැවිරිදි ස...
https://www.sathhanda.com/2016/02/15.html?m=0
15 හැවිරිදි පුතෙකු විසින් පොරොවකින් පහරදී සිය පියා ඝාතනය කිරීමේ පුවතක් අකුරැස්ස, මිල්ලගහදෙණිය ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.
48 හැවිරිදි සමරසිංහගේ ධනපාල නමැති දරුවන් හත් දෙනෙකුගේ පියෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙක්.
ඔහු බීමත්ව බිරිදට සහ දරුවන්ට හිරිහැර සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. ඊයේ (13) පස්වරුවේද අධික ලෙස බීමතින් නිවසට පැමිණ ඇති ඔහු බිරිදට සහ දරුවන්ට හිංසා කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඉන් කෝපයට පත් 15 හැවිරිදි දරුවා සිය පියාට මෙලෙස පොරොවකින් පහරදී තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ ඔහු ආදාපාන රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් 15 හැවිරිදි දරුවා සහ 13 හැවිරිදි ඔහුගේ සහෝදරයෙකුද අත්අඩංගුවට ගැණුනා. අකුරැස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.

Related