ඒකාබද්ධ විපක්ෂයේ 30 ක් එජාපයට - කිරිඇල්ල කියයි
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිස්දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප...
https://www.sathhanda.com/2016/02/30.html?m=0
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිස්දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යධූර ලබා ගැනීමේ අරමුණින් ඔවුන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි.
එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ඇමතිකම් ලබාදීමේදී සීමාවක් ඇති හෙයින් තවත් ඇමතිකම් ලබාදීමට නොහැකි බවද සඳහන් කරනවා.
එසේ ඇමතිකම් ලබාදීමේ හැකියාවක් තිබුනේ නම් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 30 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට ඕනෑම මොහොතක එක් වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියේ.


Related