ෆොන්සේකාට දෙනවද නැද්ද - තීරණාත්මක සාකච්චාව අද
එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්යාධිකාර් මණ්ඩල රැස්වීමක් අද පැවැත්විමට නියමිතව තිබේ.අද පස්වරු 04.00ට පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දීරයේදී මෙ...
https://www.sathhanda.com/2016/02/blog-post_38.html?m=0
එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්යාධිකාර් මණ්ඩල රැස්වීමක් අද පැවැත්විමට නියමිතව තිබේ.අද පස්වරු 04.00ට පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දීරයේදී මෙම රැස්විම පැවැත්වෙන බව වාර්තා වේ. මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමේදී එම්.කේ.ඒ.ඩි.එස් ගුණවර්ධනගේ අභාවයෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බව සඳහන්ය.කෙසේ වෙතත් අදාළ පාර්ලිමේන්තු අසුන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙන බවට දේශපාලන කරළියේ තකාබහක් මතුව තිබේ.එහෙත් මේ වන තෙක් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර අද දිනයේදී එම පත් කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බව සඳහන්ය.එහෙත් මේ වන විට සරත් ෆොන්සේකා ගේ ප්රජාතන්ත්රවවාදි පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබන ලදී.මේ අතර නිශාන්ත ශ්‍රී වර්ණසිංහගෙන් හිස්වුණු බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය තනතුර ෆොන්සේකා ගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන කළුතර දිස්ත්‍රික්කයෙන් පළාත් සභාවට තේරී පත්වූ අරුණ දීපාල්ට දීමේ සූදානමක් ඇති බවද කියැවෙයි.


Related