චම්පිකගෙන් කැල්ලක්ගලවා ඇමති කමක් සදා ෆොන්සේකාට දෙයි
රජය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මධ්‍යම, උතුරුමැද, සහ ඌව පළාත් සංවර්ධන ඇමැති ධුරය ලබා දීමට නියමිතය. සරත් ෆොන්ස...
https://www.sathhanda.com/2016/02/blog-post_223.html?m=0
රජය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මධ්‍යම, උතුරුමැද, සහ ඌව පළාත් සංවර්ධන ඇමැති ධුරය ලබා දීමට නියමිතය.
සරත් ෆොන්සේකා මහතා ලබන බ්‍රහස්පතින්දා හෝ සෙනසුරාදා එම ඇමැතිධුරයේ දිවුරුම් දීමට නියමිතය. එම අමාත්‍යාංශයට හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ සමයේ ස්ථාපිත කළ මහවැලි සංවර්ධන අධිකාරිය මෙන් පූර්ණ බලැති ආයතනයක්ද ඇති කෙරේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් එම ඇමැතිධුරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇතැයි ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් පැවැසීය.

Related