ක්‍රීඩා උත්සවයේ මුල් පුටුව දුන්නේ ගුරුවරිය දණගැස්වූ හිටපු මන්ත්‍රීට[PHOTOS]
ඊයේ නවගත්තේගම නවෝද්‍යා පාසලේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී තිබෙන්නේ එම විද්‍යාලයයේ ම ගුරුවරියක දණගස්වලා චෝදනා එල්ල වී ...

https://www.sathhanda.com/2016/02/blog-post_369.html
ඊයේ නවගත්තේගම නවෝද්‍යා පාසලේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී තිබෙන්නේ එම විද්‍යාලයයේ ම ගුරුවරියක දණගස්වලා චෝදනා එල්ල වී වැරදි කරුවෙකු වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර බව ලංකා ගුරු සංගමය කියයි. ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියනුයේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එම දේශපාලනඥයා ගෙන්වීම ගුරු සංහතියම දණ ගැස්වීමක් බවයි.
මෙම ක්‍රීඩා උත්සවයට දේශපාලකයකු ලෙස සහභාගී වී ඇත්තේ ඔහු පමණක් බවත්, අවට පාසල්වල විදුහල්පතිවරුන් තිදෙනකු ද සහභාගී වූ නමුත් දේශපාලකයාගේ පැමිණීමත් සමග ඔවුන් පිටව ගොස් ඇති බවත් දැනගන්නට තිබේ.
දණ ගැස්වූ ගුරුවරිය සුසිලා හේරත් මහත්මිය ස්ථාන මාරු ලැබ වෙනත් පාසලක සේවය කරන්නීය. ගුරුවරිය දණගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ගෙන්වීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.




Related