වෛද්‍යවරු එට්කා සාකච්ඡා අත්හරියි
ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් රජය සමග පවත්වන සාකච්ඡාවලින් ඉවත් වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංග...
https://www.sathhanda.com/2016/02/blog-post_578.html?m=0
ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් රජය සමග පවත්වන සාකච්ඡාවලින් ඉවත් වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වර්තමානයේ උද්ගත වී ඇති තත්වය සලකා මෙම පියවර ගත් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පවසනවා.
ගිවිසුම සම්බන්ධයෙන් රජය සමග සිදු කරන සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට නොලැබෙන බවද නලින්ද හේරත් සඳහන් කළා. එට්කා ගිවිසුම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී ඇති වූ එකඟතාවන් පවා නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීමට රජය කටයුතු කර නොමැති බවටද වෛද්‍ය නලින්ද හේරත් මහතා ඊයේ (25) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.

Related