ඕවා කරන්න යන්නට එපා ඔයාටත් හිරේ යන්න වෙයි කිව්වා - රෝහිත

කවුරුත් හිතපු නැති විදියට රෝහිත අද ගායකයෙක් විදියට කරළියට ඇවිත්, ඇයි ඔබ ගීතයක් කරන්න හිතුවේ මට පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා ගීතයක් කරන්න...

කවුරුත් හිතපු නැති විදියට රෝහිත අද ගායකයෙක් විදියට කරළියට ඇවිත්, ඇයි ඔබ ගීතයක් කරන්න හිතුවේ මට පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා ගීතයක් කරන්න. පොඩි කාලේ ඉඳන්ම විනෝදාංශයක් විදියට සින්දු කියනවා. වෘත්තීය වශයෙන් සින්දු කියන්න බලාපොරොත්තුවක් මට නැහැ. සංගීත අධ්‍යක්ෂණය කරපු පසන් ලියනගේ අයියා අපි අඳුරන අපේ අයියාගේ යාළුවෙක්. නිකම් සින්දු කිය කියා ඉන්න එකේ සින්දුවක් කරලා බලමු කියලා පසන් අයියාගේ ඉල්ලීමට තමයි මම ගීතයක් කරන්න හිතුවේ. ඉදිරියේදී වුණත් විනෝදාංශයක් විදියට මිසක් වෘත්තීයමය වශයෙන් සින්දු කියන්න බලාපො රොත්තුවක් නැහැ.

"මංමුළා වෙලා" කියන මේ ගීතයේ ගායනය වගේම තනු නිර්මාණය, පද රචනය රෝහිතගේ. කොහොමද මේ ගීතය නිර්මාණය වුණේ? සාමාන්‍යයෙන් අපි රගර් ටීම් එක එක්ක මැච් එකක් ඉවර වුණාම විවේකී වේලාවල්වල එකතු වෙලා සින්දු කියනවා. මම යාළුවන්ගේ වෙඩින්වලට ගියාමත් සින්දු කියලා තියෙනවා. ඉතින් දවසක් ඒ වගේ මගේ යාළුවෙක් ආව වෙලාවක මං කිව්වා මචං, තනුවක් අල්ලමුද කියලා. යාළුවාට ගිටාර් එක ගහන්න කියලා තනුවක් නිර්මාණය කරන්න අපි උත්සාහ කළා. ඉතින් ඒකෙන් තමයි ඔය තනුව ආවේ. පසන්ගේ ඉල්ලීමක් තිබුණ නිසා ඊට පස්සේ පසන්ට කතා කරලා "අයියේ මේ වගේ ටියුන් එකක් තියෙනවා. වැඩේ කරමුද" ඇහුවා. ඊට පස්සේ එයාලගේ ගෙදර ගිහිල්ලා සින්දුව නිර්මාණය කළා.

මේ ගීතය පෞද්ගලික අත්දැකීමක් මත ලියවූවක්ද? නැහැ. පෞද්ගලික අත්දැකීමක් නැහැ. පොදුවේ බැලුවොත් හැමෝම බූට් එකක් කනවා. ආයේ කෙල්ලෙක් සෙට් වෙනවා. මේක අපේ අයියලා, යාළුවෝ හැමෝම අත්විඳලා තියෙන අත්දැකීමක්. අනෙක ඒ ගීතය මිනිසුන්ට දැනෙන්න නම් සරල වචන ටිකක් සහ පොදු අත්දැකීමක් තියෙන්න ඕන. එතකොට තමයි මටත් මෙහෙම වෙලා තියෙනවානෙ කියලා ගීතය දැනෙන්නේ. ඒ වගේම ඉල්ලුමක් තියෙන්නේ මොන වගේ ගීතවලට කියලා බලලා ඒ හැමදෙයක්ම එක්ක තමයි මේ ගීතය ලිව්වේ.

ඒ කියන්නේ ගායනයට වගේම ලියන එකත් රෝහිතට නුපුරුදු දෙයක් නෙවෙයි? ඔව්..., පොඩි කාලෙ ඉඳන් ලියනවා. නිස¼දැස් කවි ඉංගී්‍රසි සින්දු ගොඩක් ලියලා තියෙනවා. සිංහල සින්දුත් කිහිපයක් ලියලා තියෙනවා. මං සින්දුවක් හැටියට තමයි ගොඩක් ලියන දේවල් ලියන්නේ. මම පොත් ලියනවා වගේ ච්ඪචපර ලියන්නේ නැහැ. නිකම් විවේකී වේලාවල්වලට කවි නිසදැස් ලියනවා. ඒ වගේ තමයි.

සංගීතය ගැන හදාරලා තියෙනවාද? පොඩි කාලෙ පියානෝ ඉගෙන ගත්තා. ඒත් අම්මලාගේ බලකිරීම නිසයි ඉගෙන ගත්තේ. සංගීතය ආසාවෙන් ඉගෙන ගත්තු දෙයක් නෙවෙයි. මම ගොඩක් ආස චිත්‍ර අඳින්න. ඊට අමතරව ඉතින් විනෝදාංශයක් විදියට සින්දු කියනවා. ච්පභථඵ සෙල්ලම් කරනවා.

ඔබේ පියා රටේ ජනාධිපති වෙලා ඉන්න අවධියේ ඔබ මේ හැකියාවන් එක්ක එළියට එන්න හිතුවේ නැත්තේ ඇයි?ඇත්තටම අධ්‍යාපන කටයුතුවලට තමයි මම මුල් තැන දෙන්නේ. තවමත් මගේ අධ්‍යාපන කටයුතු අවසන් නැහැ. ර්ථීඩ්ච් එක කරගෙන යනවා. ඊට අමතරව ච්ඕඒ කියලා ච්ධජබධප අචබඥ එකක් සහ ව්‍යාපාර හා ව්‍යවසායකත්වය පිළිබඳ හදාරනවා. ඒ දේවලට අමතරව වෙලාවක් තියෙන වෙලාවට තමයි සින්දු කියන එක කරන්නේ.

අනෙක් එක අපි දිහා හැමෝම බලන විදිය වෙනස්. මම හිතනවා මමත් ඒ කාලේ ඉදිරියට ඇවිල්ලා පොඩ්ඩක් රඟ දක්වලා තිබුණා නම් අද මං මෙතැන නෙවේ ඉන්නේ. බන්ධනාගාරේ. ඒක හින්දා තමයි පොඩ්ඩක් රටම නිවිච්ච වෙලාවේ අපිට වැඩිය ප්‍රශ්න නැති වෙලාවේ එළියට ආවේ.

ඔබේ සහෝදරයා යෝෂිත මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ. මේ වත්මන් රජයෙන් ඔබේ පවුලට පීඩනයක් එල්ල වෙන කාලයක්. ඒ වගේම ඔබව රගර් කණ්ඩායමෙන් ඉවත් කළා. ඒ වගේ කාලයක මේ වගේ සින්දුවකින් එළියට එන්න හිතුවේ ඒ කිසිම දේකින් ඔබ සැලෙන්නේ නැහැ කියන එක පෙන්වන්නද?ඔව්... ඒකත් හරි. එහෙම කියන්නත් පුළුවන්. ඇත්තටම බැලුවොත් එහෙම කොච්චර බලපෑම් කළත් පවුලක් වශයෙන් අපි කරන දේවල් කොහොමත් කරගෙන යනවා. අපි කරන දේවල් ඇවිල්ලා මාර්ග බාධක දාලාවත් එහෙම නවත්වන්න බැහැ. තාත්තා ඉදිරියට යනවා වගේම අපිටත් යම්කිසි දේකින් ඉදිරියට ගිහිල්ලා ජයග්‍රහණය කරන්න ඕනි නම් ඒක අනිවාර්යයෙන් කරලා තමයි අපි පස්ස බලන්නේ. ඉතින් ඒ ගතිගුණය පවුල් පසුබිම එක්ක අපිට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා කරන දේ උපරිමයෙන් හොඳට කරලා තමයි නවතින්නේ.

කාලයක් රංගනයට පිවිසෙන්න හීනයක් තිබුණා නේද? ඒ හීනෙට මොකද වුණේ? ඇත්තටම මුලින්ම මං සින්දුවක් කරන්න කලින් ජ්ඪතථ එකක් හරහා රංගනයට එන්න තමයි ඉස්සර වෙලාම බලාපොරොත්තුව තිබුණේ. අවස්ථාවන් කිහිපයක් ආවත් මට ඒ සඳහා කාලය වෙන් කරගන්න අසීරු වුණා. අධ්‍යාපන කටයුතු හින්දා. හැබැයි ඉදිරියේදී සමහරවිට ජ්ඪතථ වලට එන්න බලාපොරොත්තුවක් තියෙනවා ඒක ඉදිරියේදී බලමු.

රගර් ගැන රොකට් ගැන තිබුණු ආසාව දැන් අතහැරලාද?නෑ... ඇත්තටම මම ර්ථීඩ්ච් එක තාම කරන්නේ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව. මොකද සාමාන්‍යයෙන් ගගනගාමියෙක් වෙන්න අවුරුදු 10ක් 15ක් යනවා. ළාබාලතම ගගනගාමියකු වුණත් අවුරුදු 30යි 32ක් වගේ. ඉතින් තාම ඒ වයස නැහැ. මට තවම අවුරුදු 26යි. ඒකට තමයි මම මුලින්ම මගේ කාලය වෙන් කරලා තියෙන්නේ. ඒ හීනය අතහැරලා නැහැ. ඒ වගේම තවම රගර් ගහනවා. දැන් හැව්ලොක් කණ්ඩායමට සෙල්ලම් කරන්නේ.

මවුපියන් ගීතය පිළිබඳ මොකද කිව්වේ? අම්මා, තාත්තා දන්නවා මම හැම වෙලාවෙම වෙනස් දෙයක් කරන්නේ කියලා. හොඳ ප්‍රතිචාර ලැබුණා සින්දුවට එයාලාගෙන්. ඒ වගේම විශාල සහයෝගයකුත් ලැබෙනවා මගේ කටයුතුවලට.

එතකොට සහෝදරයන් දෙදෙනාගේ ප්‍රතිචාර මොන වගේද?යෝෂිත යන්න සතියකට විතර කලින් තමයි මං මුලින්ම යෝෂිතට මේ සින්දුව ර්ථීතචර කරලා පෙන්නුවේ. එයා ඇත්තටම කැමැති වුණා මේ සින්දුවට. ඊට පස්සේ නාමල් අයියටත් පෙන්නුවා. නාමල් අයියා දේශපාලනඥයෙක් හින්දා මුලින්ම කිව්වා 'අපෝ ඕවා කරන්න යන්න එපා ඔයාටත් හිරේ යන්න වෙයි කියලා.' හැබැයි වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ. මොකද දේශපාලන වශයෙන් බලපෑම් එයි කියන සැකයෙන් හිටියේ. ඒක මට නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි වැරැදි කරලා නැත්නම් මොනවටද එළියට එන්නේ නැතිව ඉන්නේ කියලයි මම හිතුවේ.

වත්මන් දේශපාලනය ගැන මොකද හිතෙන්නේ? වත්මන් දේශපාලනය ගැන කතා කළොත් වෛරී සහගත පළිගැනීම් සහිත දේශපාලනයක් තියෙන්නේ. දේශපාලනයට පිවිසීමට හෝ දේශපාලනය ගැන කතා කිරීමට මගේ කැමැත්තක් නැහැ. රටේ තත්ත්වය ගැන කිව්වොත් ඉදිරියට යමින් හිටිය අපි දැන් සෑහෙන්න පස්සට ඇවිත් තියෙන්නේ. සංගණනවලට අනුව ආර්ථික වර්ධනය ගත්තාම වුණත් අපි සෑහෙන්න පසු බැහැලා තියෙනවා. ඒක මට වෙනම කියන්න ඕනි නැහැ. ලංකාව මේ වගේම පසු බැහැලා තියෙනවා කියලා අපි දත්ත සංසන්දනය කරලා බැලුවොත් අපිට කෙළින්ම ඔප්පු කරන්න පුළුවන් රට කොච්චර පසුබැහැලා තියෙනවාද කියලා. රටේ සංවර්ධනය 100%ක් නැවතිලා තියෙනවා. ගොඩක් කලින් ආණ්ඩුවේ කරපු දේවල් මේ ආණ්ඩුවෙන් කළා වගේ ඉදිරියට ඇවිල්ලා පෙන්නන කාලයක් මේක.

මේ ගීතය රූපවාහිනි නාළිකාවලට දුන්නද? තවම දුන්නේ නැහැ. නාළිකා කිහිපයකට යවන්න බලාපොරොත්තුවක් තියෙනවා. තව ටික දවසකින් නාළිකාවලට දෙන්න ඉන්නේ.

රජයේ මාධ්‍ය නාළිකාවලින් මේ ගීතයට ඉඩක් ලැබේවි කියලා හිතනවාද? ඒක ඇත්තටම මං ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් කරපු දෙයක් නොවන නිසා ඒක ඉතින් දැම්මත් එකයි නැතත් එකයි. හැබැයි කධභබභඡඥ එකෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන සතුටුයි.

ගීතය වීඩියෝ එකත් එක්කම එළියට දාන්න හිතුවේ ඇයි?වීඩියෝ එකක් කියන්නේ ර්චඬඪදඨ ධට ඍඪඤඥධ එකක්. ඉදිරියේදී හරි වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක කරන්න මූල්‍යමය ප්‍රශ්න තිබුණා. ඒ නිසයි ප්‍රමාද වුණේ. අම්මා තාත්තාගෙන් සල්ලි ඉල්ලලා වීඩියෝ එකක් කරන්න මම කැමැති නැහැ. කවුරු හරි ඉනධදජඥප කෙනෙක් ලැබුණොත් ඉදිරියේදී ඍඪඤඥධ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.

විරහ ගීතයක් කළා වුණාට රෝහිතගේ ජීවිතෙත් සුන්දර ආදර කතාවක් තියෙනවා නේද? විරහ ගීතයක් කිව්වට මේකේ අන්තිම වචන ටික බැලුවොත් එයාට හොඳ ලස්සන කෙල්ලෙක් හම්බවෙනවා. ඉතින් ඒ වගේ හොඳ අත්දැකීම් තමයි තියෙන්නේ. ඉදිරියට එයා කවුද කියලා කියන්නම්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 4157641751544704240

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item