'ඔය චෝදනාවලට බය නැහැ' - නාමල් රාජපක්ෂ
යහපාලන රජය බලයට පත්වූ දා සිට තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, තම මවටත්, තමාටත්, බාල සොහොයුරු යෝෂිත රාජපක්ෂටත් නොයෙකුත් ච...
https://www.sathhanda.com/2016/02/blog-post_710.html?m=0
එම චෝදනා පදනම් විරහිත බැවින් ඒවා ගණන් නොගෙන සුපුරුදු පරිදි දේශපාලන කටයුතුවල නිරතවන බව ද මන්ත්රීවරයා සඳහන් කළේය.
රගර් ක්රීඩක තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධව නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිර යන ආරංචි සම්බන්ධව කළ විමසීමේදී මන්ත්රීවරයා මේ බව ප්රකාශ කර තිබේ.
"මං ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මේ දවස්වල මගේ අවධානය යොමුවී තිබෙන්නේ මගේ බාල සොහොයුරු යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධවයි. අපිට හොරු, වංචාකාරයෝ කියලා කරන චෝදනාවල ඇත්ත නැත්ත කවදා හෝ හෙළිවෙයි. මම වැරදි කරලා නැති නිසා ඔය චෝදනාවලට බය නැහැ" යැයි ද නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Related