නාදුනන තුවක්කුකරුවන්ගෙන් තිදෙනෙකුට වෙඩි - අයෙක් මරුට
වීරකැටිය පොලිස්බල ප්‍රදේශයට අයත් කිරිමැටිය හංදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. එක අයෙක් මියගොස් තිබේ. මෙසේ මිය ග...
https://www.sathhanda.com/2016/02/blog-post_265.html?m=0
අද(28)පෙ.ව 10.00 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු වෑන් රථයක පැමිණියවුන් බවත්,අනෙක් පුද්ගලයා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.
වෙඩිතැබූ පුද්ගලයින් පැමිණ ඇත්තේ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් බැව් අනාවරණය වී ඇතත් ඔවුන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත්,සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Related