මිනුවන්ගොඩ වෙඩිතැබීමක් - අයෙක් මරුට
මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 9.45ට පමණ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අවි ගත් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම...
https://www.sathhanda.com/2016/02/blog-post_72.html
මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 9.45ට පමණ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අවි ගත් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය. මියගොස් ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී තිබේ. සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
Related