'ඇත්ත කියන්න ඕනේ මහින්දයි' - එස්බීගේ කතාවට ගම්මන්පිලගෙන් පිළිතුරක්

ඇමති එස්බීගේ ප්‍රකාශය සත්‍ය නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක බලය අයුතු ලෙස භාවිතා කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ මහලේකම්, පාර්ලි...

ඇමති එස්බීගේ ප්‍රකාශය සත්‍ය නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක බලය අයුතු ලෙස භාවිතා කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

බොරු නීති පෙන්වා සමාජ ජාල බිය වැද්දීමේ ආණ්ඩුවේ මෙහෙයුම

පසුගිය සති අන්තයේ මා මිත්‍ර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා සදහන් කලා ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට සමාජ ජාලා වලින් කරන අපහාස වලට එරෙහිව නීති මගින් කටයුතු කරනවාය කියලා. මම ගරු අමාත්‍යතුමාගෙන් අහන්න කැමතියි මොන නීතිය යටතේද දඩුවම් කරන්නේ කියලා. මේ රටේ තිබුණා සාපරාදි අපහාස නීතිය කියලා නීතියක්. ඒ මගින් කෙනෙකුට අපහාස කරාම දඩ අය කරන්න, සිර දඩුවම් ලබා දෙන්න පුළුවන්. ඒක නරකයි කියලා 2002 දී එජාප ආණ්ඩුව සාපරාදි අපහාස නීතිය අහෝසි කරා. දැන් කෙනෙකුට අපහාසයක් සිදුවුවහොත් කල හැක්කේ වන්දි ඉල්ලා නඩු පැවරිම පමණයි. මැතකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිතුමිය මට අපහාස කලා. ඒ වෙනුවෙන් මම එතුමියගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලලා නඩුවක් පවරලා තියෙන්නේ. එතුමියගෙන් මට මිලියන 500 කෙසේ වෙතත් එතුමියගේ කළු ඩිෆෙන්ඩරයවත් මගේ කර ගන්න හැකි වේවි නඩුව අවසානයේ. නමුත් හිගන්නෙක් දාලා අපහාස කරාම මොකද කරන්න පුළුවන්? දැන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකෙනෙක් රස්සාවක් නැති රස්සාවෙන් එළවා දැමු හිගන්නෙක් යොදවලා මාධ්‍ය හමු තියලා මට අපහාස කරනවා. මොකක්ද ගන්න පුළුවන් පියවර සාපරාදි අපහාස නීතිය නැති රටක ගන්න පුළුවන් පියවරක් නෑ. ජනාධිපතිට, අගමැතිට විතරක් නෙවෙයි කාටවත් අපහාස කිරීම අනුමත කරන්නේ නෑ. බොරු බියවල් රටට ඇති කරන්න එපා කියලා නැති නීති ගැන කතා කරමින් එජාප ආණ්ඩුව විසින්ම නරකයි කියලා අහෝසි කරපු සාපරාදි අපහාස නීතිය පෙන්වමින් ජනතාව බය කරන්න එපා. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි සමාජ වෙබ් අඩවි තුල වැඩිපුරම අපහාසයට ලක් වුණේ. එතුමා එවා දිහා උපේක්ෂාවෙන් බැලුවා මිසක් කවුරුවත් අත්අඩංගුවට ගත්තේ නෑ.

නීතිපති පත්කිරීම ව්‍යවස්ථා විරෝධීයි උදය තවත් නඩුවක් පවරන්න සූදානම් වෙයි

නීතිපතිවරයා පත්කිරීම නීතිවිරෝධීව සිද්දවෙලයි තියෙන්නේ. නීතිපති තනතුර නීතියේ ආදිපත්‍යය පවත්වාගැනීමේලා අතිෂයින්ම වැදගත් තනතුරක්. නීතිපතිවරයා තමයි යම් සැකකරුවෙකුට නඩු දානවද කියන එක තීරණය කරන්නේ. ඒවගේම නීතිපතිවරයා දෙන උපදෙස් මත ක්‍රියාකරන්න ආණ්ඩුවේ සෑම නිලධාරියෙක්ම බැදිලා ඉන්නවා. ඒ නිසා නීතිපති ධූරයේ ස්වාධීනත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නීතියේ ආදිපත්‍යයට අත්‍යවශය කොන්දේසියක් වෙලා.

මේ නිසා තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න දෙවෙනි ජේෂ්ඨතම නිලධාරියා වෙන සොලිසිටර් ජනරාල්වරයා නීතිපති ලෙස පත්කරන්නේ. නමුත් ඔහුගේ හැකියාව හා පැවැත්ම පිළිබද ප්‍රශ්නයක් තියෙනවනම් ඊලගට තෝරගන්නවා එක්කෝ ශ්‍රේෂ්ඨාධිකරනයේ විනිසුරුවරයෙක්. ඔබ දන්නවාද නීතිපතිත තනතුර අධිකරණ කේෂත්‍රෙය් දෙවනි වන්නේ අගවිනිසුරුවරයාට පමනයි.

නීතිපති තනතුරට ඇයි ජේෂ්ඨතමයාව පත්කරන්නේ. ජේෂ්ඨතමයා නැත්නම් ඇයි ඊලගට සිටින කෙනෙක් නැතිව පිටින් ගේන්නේ. දේශපාලන අධිකාරියට පුළුවන්නම් සිටින ජේෂ්ඨ නිලධාරීන් හතරපස්දෙනාගෙන් කෙනෙක් පත්කරන්න ජේෂ්ඨ නිලධාරීන් අතර තරගයක් ඇතිවෙනවා පත්කරන දේශපාලන අධිකාරිය සතුටු කරන්න. එතකොට ස්වාධීන මතයකට වඩා දෙන්නේ පත්වීම කරන ලද දේශපාලන බලධරයන් සතුටුවෙන තීන්දු. විරුද්ධ දේශපාලකයෙක්නම් නීතිමය ප්‍රතිපාදන නැතත් මොහු වහාම අත්අඩංගුවට ගතයුතුය කියල කියන්න පුළුවන්. කිව්ව ගමන් පොලීසිය අත්අඩංගුවට ගන්නවා.

මතකනෙ හිරුණිකා නෝනට නීතිපතිවරයා අත්සන ගැහුවා ගෙදරයන්න ඔන්න මෙන්න තියල. පහුවදා උදේ පොලීසියට යන්න උනා. එච්චර බලවත් නීතිපති මතය. ඒවගේම ආණ්ඩුවට හිතවත් කෙනෙක්නම් අත්අඩංගුවට ගතයුතුය නඩු දැමිය යුතුය කියන මතය නොකියා ඉන්න වෙනවා ඇතැම් විට. මොකද ආණ්ඩුවේ නායකයන් සතුටුඋනොත් තමයි තමන්ට නීතිපති තනතුර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට රටේ නීතිය වල් වදිනවා. මෙන්න මේ නිසා තමයි නීතිපති තනතුර සිටින ‍ජේෂ්ඨතමයාට දෙනවා ඔහුට දෙන්න බැරි කිසියම් සාධාරණ හේතුවක් තියේනම් කණිෂ්ඨයන්ට නොදී පිටින් ගේනවා.

ලෝකය පුරාමත් ලංකාවේත් පවතින්නේ මේ සම්ප්‍රධායමයි එකම එක අවස්ථාවක් ඇරුනමහ. 1988දි සොලිසිටර් ජෙනරාල් වරයා වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි කණිෂ්ඨ නිලධාරීවරයෙක් වන සුනිල් සී ද සිල්වා මැතිතුමන්ට නීතිපති ධූරය ලබාදීල තියෙනවා. එහෙම කලේ වත්මන් අගමැතිතුමන්ගේ මාමා වන හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් එක්සත් ජාතිකපක්ෂ පාලන සමයකයි. සිංහල කියමනක් තියෙනවා තාත්ත කළ දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා කියල. මමනම් අහල නෑ හැබැයි මාමා කලදේ බෑනා නොකොලොත් ඌ නොට්ටිගෙ බෑනා වෙනවා කියා කියමනක් තියෙනවද කියලා. නමුත් අගමැතිතුමන් නම් තීරණය කරල තියෙනවා තමන්ගේ මාමාගේ අඩිපාරේ යමින් නීති කේෂ්ත්‍රෙය් ස්වාධීපත්‍යය වෙනුවෙන් ගොඩනගා තියෙන ඒ සම්ප්‍රදාය කඩකරන්න.

හැබැයි ඒ මාමා මහා බලවත් ජනපති ධූරයෙන් සමුගන්න කොට තමන් ගේ නිවසේ සිට කාර්යාලයට යනවිටත් ආරක්ෂකයින් පිරිවරාගෙනවත් යන්න බැරි යුගයක් ඇතිවුනා. එතුමගෙන් පසුව බලයට ආ රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් කිව්වේ මට හිටපු ජනපති බාරදීලා ගියේ දෙකොන ඇවිලුණු විලක්කුවක් කියල. මොකද උතුරෙත් දකුණෙත් යුද්ධ. රටම එකම ලේ විලක්. මාමාගේ පාරේ මේ රට ගෙන ගොස් මේ රට ලේ විලක් කරනන් එපා කියල අපි ගරු අගමැති තුමන්ට කියනවා.

මේ නීතිපතිවරයා පත්කිරීමේදී සෘජුවම අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) වගන්තිය යටතේ තමයි නීතිපති වරයා පත්කරන්නේ. 41(ඉ)(6) කියන වගන්තියේ කියනවා 41 (ආ ) හෝ 41 (ඇ) ව්‍යවස්ථා යටතේ යම් පත්කිරීමක් සදහා යෝග්‍ය තැනැත්තන් පත්කිරීමේදී හෝ අනුමතකිරීමේදී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටියද ඇතුළුව සභාවේ රැස්වීම් සහ ඒ රැස්වීම් වල කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය සභාව විසින් තීරනය කරනු ලැබිය යුතු වන්නේය. අපිට තියෙන තොරතුරු අනුව ව්‍යවස්ථාදායක සභාව මේ දක්වා ජනපති එවන ලද නම් පිළිගන්නවද නැද්ද කියන තීන්දුව ව්‍යව්සථාදායක සභාව ගත යුතුයි.

ජනපති එවන නම පිළිගන්නවාද නැද්ද කියන තිරණය ව්‍යවස්ථා දායක සභාව ගතයුතුයි. මුණ බලලා තාත්තා කවුද අම්මා කවුද කියලා බලලා මේ තීරණ ගන්න බෑ. මොකක් හරි නිර්ණායකයක් තියෙන්න ඕනේ. ඒක හදන්න ඔනේ කියලා තමයි 41 (6) වන වගන්තියෙන් කියන්නේ. 41(ඊ) 3 වන අනු වගන්තියේ කියනවා ස්වකීය කාර්යය හා කර්තව්‍යයන් ඉටු කිරීමට අදාලව රීති සෑදිමට බලය ඇත්තේ ඒ කියන්නේ කාර්ය පටිපාටියද ඇතුලුව ඇතුලේ කටයුතු කරන ආකාරයට රීති හදා ගන්න ඔනේ එකී සියළු රීති ගැසට් පත්‍රෙය් සදහන් කල යුතු අතර එකී පල කරලා මාස 03ක් ඇතුලත පාර්ලීමේන්තුවට ඉදිරිපත් කල යුතුය. පාර්ලීමේන්තු මන්ත්‍රි කෙනෙක් වන මම ඉතා වගකීමෙන් කියනවා එහෙම කිසිදු රීතියක් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කල නැත. ගැසට් පත්‍රය ලැබෙන කියවන මන්ත්‍රි කෙනෙක් වන මම ඉතා වගකීමෙන් කියනවා එවැනි රීති ගැසට් කල නැත. ඒක නිසා රීති නැතුව නීතිපතිවරයාගේ පත්වීම විතරක් නෙවෙයි විගනකාධිපතිවරයාගේ පත්වීමත් නීති විරෝධියි. අපි මේක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරනවා. මොකද නීතියේ අදිපත්‍ය පවත්වා ගතයුතු නිසා. මම විශේෂයෙන් කියන්න ඕනේ නීති කේෂ්ත්‍රයේ පුද්ගලයෙක් විදිහට නීතිපති තනතුරට පත් කරපු ජයන්ත ජයසුරිය ජනාධිපති නීතිඥතුමා දක්ෂ හොද කිර්තීමත් පැවැත්මක් තිබෙන වැදගත් මහත්මයෙක්. එතුමා පිළිබද අපිට කිසිම ගැටළුවක් නෑ. මේක වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. එතුමට අපකීර්තියක් ඇතිවෙන්න පුළුවන්. පත් කල පුද්ගලයා ගැන අපිට කිසිම ගැටළුවක් නෑ. මේ නීති කේෂ්ත්‍රයේ පත් කිරීම කරන්න තියෙන නීතිය හා සම්ප්‍රධාය කියන දෙකම කඩ කිරිම නිසා නීතියේ අධිපත්‍ය බිද වැටිමත්, දේශපාලනිකරණය විමත් තමයි අපි අභියෝගයට ලක් කරන්නේ. මේක ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් වුණ සම්ප්‍රධාය කඩ කිරීම. නීතිය කඩ කරලා නීතිපතිවරයෙක් පත්කිරීම කවුරුවත් කරලා නෑ. නීතිපති කියන්නේ නීතියට ලොක්කා ඉතින් එතුමා පත් කරද්දි නීතය කඩනවා නම් කොහොම නීතිය රුකෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්ප්‍රධාය කඩ කිරීමට අපට තියෙන්නේ දේශපාලන විචේචනයක් විතරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති දෙකක් උල්ලංඝනය කරමින් නීතිපතිවරයා පත්කිරීමත් විගනකාධිපතිවරයා පත්කීරිමත් අපි අධිකරනය ඉදිරියේ අභියෝගයට ලක් කරනවා කියලා ඉතා පැහැදිලිව කියන්න ඔනේ


 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2727909809515770592

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item