ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව අද දැවන්ත විරෝධතාවක්
ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය දක්වා අද (11දා) සවස 2.00 ට විහාරමහා දේවි උද්‍යානය අසල විරෝධතා ව්‍යාපාරයක් පවත්වා විරෝධතා රැලියක් පවත්වන බව රජය...
https://www.sathhanda.com/2016/02/blog-post_794.html?m=0
ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය දක්වා අද (11දා) සවස 2.00 ට විහාරමහා දේවි උද්‍යානය අසල විරෝධතා ව්‍යාපාරයක් පවත්වා විරෝධතා රැලියක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍ය වෘත්තිකයන් ඇතුළුව රජයේ විධායක නිලධාරීන් නියෝජනය කරන වෘත්තීය සමිති 20 ක් මේ සඳහා සහභාගී වන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා සඳහන් කළේය. මීට අමතරව කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අංශයේ (UCSC) සිසුන් ඇතුළු අනෙකුත් තාක්ෂණික විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ද සහභාගී වීමට නියමිතය.
ඉන්දු ලංකා ගිවිසුම මගින් ඉන්දීය ශ්‍රමිකයන්ට මෙරටට පැමිණීමට අවස්ථාව සැලසෙන බවත්, මේ නිසා ඉදිරියේදී රටට ගැටලු ගණනාවකට මුහුණදීමට සිදුවන බවත් ඔහු පවසා සිටියේය.


Related